මේ ටික මම කියෙව්වෙ 1972 අගෝස්තු ශ්‍රී සගරාවෙ තිබිල. ලිපිය ලියල තිබුනෙ කපිල සෝමරත්න කියල මහත්තයෙක්. ඒකෙ තිබ්බ ඒවගෙන් දෙක තුනක් දාන්න ඕන කියල හිතුව. ජනකවි හින්ද උපුටගත්තට වරදක් නැ කියල හිතනව. සිරා කවි. හැබැයි වැඩේ වැර්දියි වගේ කියල හිතෙනවන්ම් කියන්න. මේක මම අයින් කරන්නම්.
සාගතේ මොටද මිනිහෙක් සතෙක් නැති
මාවතේ මොටද ගමනට ඉඩක් නැති
රා මතේ මොටද මග පෙරලුමක් නැති
ජීවිතේ මොටද නෑනා කෙනෙක් නැති
දුර එනකොට වැටකෙයියා මලක් වගෙයි
ලග එනකොට රිදියෙන් කල වැඩක් වගෙයි
ගෙට එනකොට ගෙයි ඇවිලෙන පහන වගෙයි
මගෙ නෑනා මට මානෙල් මලක් වගෙයි
කම්පා නොවී අප්පච්චියගෙ සැරෙන්
නෑනන්ඩියේ අපි පැනල දුවමු හොරෙන්
කන කර ටිකත් පොදි බැදගෙන පස්සෙ දොරෙන්
ලිද ලග තිබෙන වට කොස් ගහ ලගට වරෙන්
ඉර පායා ඉර අවරට ගියාදෝ
සද පායා සද මුදුනට ගියාදෝ
හැඩූ කදුලු මූදට එක් උනාදෝ
ලමා ලපටි නෑනා කොයි ගියාදෝ