Saturday, May 21, 2011
patch හදන්නෙ මෙහෙමයි
අද පැච් ෆයිල් එකක් හදාගන්න හැටි බලමු. හැබැයි පුතේ මාත් වැඩි විස්තරනම් දන්නෙ නෑ. දන්න ටික තමා දාන්නෙ. Windows වලදිනම් මේක කරන්න පුලුවන්ද කියල මම දන්නෙ නෑ. Linux වලදි නම් මේක වැඩ.
patch file 1ක හදන්නෙ diff command එක පාවිච්චි කරල. මේකෙන් ෆයිල් 2ක වෙනස තමා දෙන්නෙ. මුලින්ම අපි පැච් කරන ෆොල්ඩර් 2ක එක ෆොල්ඩර් එකක් ඇතුලට කොපි කරගෙන cd command එක ගහල ඒ ෆෝල්ඩර් එක ඇතුලට යන්න ඕනෙ. ඊට පස්සෙ බැරියැ පැච් කරන්න.ඕන් එහෙනන් command එක.
diff -crBN original_folder modified_folder > patchfile.patch
- original_folder - මේ අපි වෙනස් නොකරපු කෝඩ් එක තියන ෆෝල්ඩර් එක.
- modified_folder - මේ අපි වෙනස් කරපු කෝඩ් එක තියන ෆෝල්ඩර් එක,
- patchfile.patch - හැදෙන පැච් ෆයිල් එකේ නම.
c,r ගැනනම් දන්නෙ නැ. ඒව දැම්මම වැඩ කියලනම් දන්නව. B වලින් කරන්නෙ හිස්තැන් නොසලකා පැච් එක හදන එක. කෝඩ් වලට ඉතින් හිස්තැන් කන්නද? N වලින් original ෆෝල්ඩර් එකේ නැති ඒත් modified ෆොල්ඩර් එකේ තියෙන ෆයිලුත් පැච් එකට එකතු කරන එක තමා වෙන්නෙ.
දැන් එහෙනම් හදපු පැච් එක දාමු. මුලින්ම පැච් ෆයිල් එක original_folder එක ඇතුලට කොපි කරගෙන cd command එක ගහල ඒ ෆෝල්ඩර් එක ඇතුලට යන්න ඕනෙ.ඊට පස්සෙ මේන්න මේ එක ගහන්න. එතකොට වැඩේ ගොඩ.
patch -p1 -i patchfile.patch
දැන් එහෙනන් ඕන පැච් එකක් දාගන්න පුලුවන්නෙ!!!!
Friday, May 20, 2011
PHP Array
PHP Arrays
කඩ්ඩ දන්නවනම් ඇරේ ගැන දැනගන්න මෙතනට යන්න. මෙතනින් සම්පූර්න විස්තරයක් බලාගන්න පුලුවන්. http://www.w3schools.com/php/php_ref_array.asp .
ඇරේ එකක් කියන්නෙ ටිකක් විශේශ විදියෙ Variable එකක්. සාමාන්ය Variable එකක අපිට එක අගයක් ගබඩා කරල තියාගන්න පුලුවන්. නමුත් අපිට ඇරේ එකක අගයන් ගොඩක් ගබඩා කරල තියාගන්න පුලුවන්. PHP වල මූලික වශයෙන් ඇරේ වර්ග 3ක් තියනව.
- Numeric Array - අන්කනය කරන ලද index එකක් තියන ඇරේ එකක්.
- Associative Array - ID එකක් අගයක් හා සම්බන්ද කරල තියන අරේ එකක්
- Multidimentional Array - ඇරේ එකක් හෝ කිහිපයක් ගබඩා කරගෙන තබාගන්න ඇරේ එකක්.
Numeric Array
Numeric Array හදාගන්න පුලුවන් ආකාර දෙකක් තියනව. උදාහරන වලින්ම ඒව ගැන බලමු.
මේකෙදි ඇරේ Index එක auto වැටෙනව. Array Index එක පටන්ගන්නෙ 0 ඉදන් කියල මතක තියාගන්න ඕනෙ.
$fruits=array("Apple","Mango","Orange");
2වන ක්‍රම්යෙදි එක Array Index අතින් ලබා දෙනව. Index එක හැටියට අපිට ඕන අන්කයක් දෙන්න පුලුවන්. එකම Index එක 2පාරක් දීල අගයන් 2ක් ලබාදුන්නොත් 2වනුව දීපු අගය තමා අවසානයේදි ගබඩා කරල තියා ගන්නෙ. සාමන්ය variable වල වෙන seen එකම තමා.
$fruits[0]="Apple";
$fruits[1]="Mango";
$fruits[2]="Orange";
$fruits[1]="Mango";
$fruits[2]="Orange";
අපිට ඇරේ එකක ගබඩා කරල තියන අගයක් index එක පාවිච්චි කරල නැවත ලබාගන්න පුලුවන්. උදාහරනයක් විදියට ඉහල අපි හදපු ඇරේ එකේ "Mango" කියන අගය ලබාගන්න නම් $fruits[1] කියල දෙන්න ඕනෙ. මෙතන 1 කියල දුන්නෙ "Mango" කියන අගය ගබඩා කරගත්තු index එක.
<?php
$fruits=array("Apple","Mango","Orange");
echo $fruits[1];
?>
$fruits=array("Apple","Mango","Orange");
echo $fruits[1];
?>
මේකෙ output එක විදියට Mango කියල ලැබෙනව.
Associative Array
මොකක් හරි නමක් දීල ඒකට අදාල අගයක් ගබඩා කරගන්න තමා මේ විදියෙ ඇරේ එකක් හදාගන්නෙ. මේකත් ඉතින් කලින් කියපු වර්ගය වගෙම තමා. උදාහරනයක් බලමුකො.
$ages=array("kamal"=>20,"amal"=>42,"nimal"=>80);
මේක පහත ආකාරයටත් කරන්න පුලුවන්.
$ages["kamal"]=20;
$ages["amal"]=42;
$ages["nimal"]=80;
$ages["amal"]=42;
$ages["nimal"]=80;
විස්තර කියන්න ඕනෙ නෑනෙ. උඩ කියපු එක බලා ගන්න.
PHP variable සහ Strings හදුනාගමු
මේ පෝස්ට් එකෙන් PHP Varible ගැනයි Strings ගැනයි කුප්පියක් දාන්න තමා හිතුවෙ. variable එකක් පාවිච්චි කරන්නෙ මොකක් හරි අගයක් ගබඩා කරල තියාගන්න. එතකොට අපිට ඒ අගය වෙනුවට එක පාවිච්චි කරන්න පුලුවන්. පැහැදිලි මදිද? කරන්න දෙයක් නැ. මට හරියටම ඒක කියන විදියක් හිතෙන්නෙ නැ. Code කරනකොට එක එයි.
PHP වල varable 1ක් පටන් ගන්නෙ $ සන්කේතයෙන්. උදාහරනයක් බලමු.
$var_name=value;
මේකෙ var_name කියන්නෙ එකට දෙන නම. value කියන්නෙ එකේ අගය.variable වලට අගයන් දෙන්න ඒව කලින් define කරල තියෙන්න ඕනෙ නැ. Java,C වලදි වගේ type එක කියන්න ඕනෙත් නැ. අනිත් එක තමා variable වලට නම් දෙනකොට සැලකිය යුතු කරුනු කිහිපයකුත් තියනව.
- variable එකක නම අනිවාර්යයෙනම අකුරකින් හරි _ එකෙන් හරි පටන්න ඕන.
- නමක තියෙන්න (a-z, A-Z, 0-9, _ ) පුලුවන් සන්කේත ටික විතරයි.
- නමේ හිස්තැන්(spaces) තියෙන්නත් බෑ.
පහල තියෙන උදාහරනෙ බලන්න. මේකෙදි $hello කියල variable එකක් define කරල ඒකෙ අගය හැටියට Hello World කියල දෙනව. ඊට පස්සෙ ඒ variable එක browser එකට output කරනව. PHP වලින් $hello තියන තැනට ඒකෙ අගයවන Hello World ආදේශ කරනව. අවුලක් නෑනෙ. ඕක තෙරෙන්නෙත් නැත්තන් ඉතින් අවුලක්.
<?php
$hello='Hello World';
echo '<html>';
echo '<body>';
echo $hello;
echo'</body></html>';
?>
$hello='Hello World';
echo '<html>';
echo '<body>';
echo $hello;
echo'</body></html>';
?>
String Variables
මේව පාවිච්චි කරන්නෙ අකුරු හරි වචන හරි භාවිත කරල කරන වැඩ වලට. PHP වල String එකක් define කරන්නෙ ' ' ඇතුලෙ දාල එහෙම නැත්තන් " " ඇතුලෙ දාල. ඉහල දීපු උදාහරනෙ කියන්නෙ String varible එකක්. ඒකට assign කරල තියෙන්නෙ 'Hello world' කියන String එක.
String Concatenation
String Concate කරනව කියන්නෙ String 2ක් එකට එකතු කරල තනි එකක් හදනවට.ඒකට පාවිච්චි කරන්නෙ . සන්කේතය. ඒකටත් උදාහරනයක් බලමුකො.
<?php
$text1='hello';
$text2=' saman';
$concat=$text1.$text2;
echo $concat;
?>
$text1='hello';
$text2=' saman';
$concat=$text1.$text2;
echo $concat;
?>
මේකෙදි output එක විදියට ලැබෙන්නෙ hello saman කියල.
strlen() function
මේ function එකෙන් අපිට string එකක දිග එහෙම නැත්තන් අකුරු ගනන බලා ගන්න පුලුවන්. අකුරු කිව්වෙ හිස්තැනුත් එක්ක. ඒකටත් උදාහරනයක් බලමුකො. මේකෙදි output එක විදියට ලැබෙන්නෙ 11 කියල.
<?php
$text="Hello World";
echo strlen($text);
?>
$text="Hello World";
echo strlen($text);
?>
strpos() function
මේකෙන් කරන්නෙ එක String එකක් ඇතුලෙ තවත් String එකක් තියනවද කියල හොයල එහෙම් තියන්වනම් ඒක පටන් ගන්න තැන ලබදෙන එක එහෙම තිබ්බෙ නැත්තන් false කියල ලබාදෙනව. function එකේ පලවෙනි argument එක විදියට පරීක්ශා කරන වච්නෙත් දෙවන argument එක විදියට පලවෙනි argument එක ඇතුලෙ අපි හොයන වචනෙත් දෙනව.
<?php
echo strpos("Hello world","world");
?>
echo strpos("Hello world","world");
?>
මේකෙදි output එක විදියට ලැබෙන්නෙ 6 කියල. පටන් ගන්න තැන ගනින්න පටන් ගන්නෙ 0 ඉදල.
String එක්ක පාවිච්චි කරන function ගොඩක් තියන්ව. ඒ හැම එක ගැනම මෙතන දාන්නනම් මට බෑ. අනික මම ඒ හැම එක ගැනම දන්නෙත් නැ. ලින්ක් එක දාන්නම් හැබැයි පුතේ කඩ්ඩෙන් තියෙන්නෙ. ඒක තමා ඉතින් කඩ්ඩ පොලිශ් කරගන්න ඕන කියන්නෙ. http://www.w3schools.com/php/php_ref_string.asp
PHP වල තීරන ගන්නෙ මෙහෙමයි
Conditional Statements
අපි මේවා පාවිච්චි කරන්නෙ කිසියම් කොන්දේසියක් අනුව execute කරන්න ඕනෙ කොඩ් එක තීරනය කරන්න. මේ සදහා අපි බොහෝ විට if, if else, if elseif else, switch යන control structures භාව්තා කරනව.
if භාවිතා කරන හැටි
if(කොන්දේසිය){
කොන්දේසිය සත්ය වූ විට execute වන කොඩ් එක.
}
උදාහරනය
<?php
$a=5;
$b=6;
$c=5;
if($a==$b){
echo 'a=b';
}
if($a==$c){
echo 'a=c';
}
?>
$a=5;
$b=6;
$c=5;
if($a==$b){
echo 'a=b';
}
if($a==$c){
echo 'a=c';
}
?>
මෙහිදී output එක ලෙස a=c ලැබෙනව. a ට b සම්මන නැති නිසා 1වන if බ්ලොක් එක execute වෙන්නෙ නෑ නමුත් a ට c සමාන නිසා දෙවන if බ්ලොක් එක වෙනව. ඒ නිසා තමා අපිට a=c ලෙස ලැබෙන්නෙ.
if else භාවිතා කරන හැටි
if(කොන්දේසිය){
කොන්දේසිය සත්ය වූ විට execute වන කොඩ් එක.
}else{
කොන්දේසිය සත්ය නොවූ විට execute වන කොඩ් එක.
}
උදාහරනය
<?php
$a=5;
$b=4;
if(a==b){
echo 'success';
}else{
echo 'failure';
}
?>
$a=5;
$b=4;
if(a==b){
echo 'success';
}else{
echo 'failure';
}
?>
මෙහිදී output එක ලෙස failure ලැබෙනව. කොන්දේසිය සත්ය නැති නිසා if බ්ලොක් එක execute වෙන්නෙ නෑ. else බ්ලොක් එක execute වෙල failure කියල output එක දෙනව. හැම වෙලාවෙම මේ බ්ලොක් දෙකෙන් එකයි execute වෙන්නෙ.
if elseif else
if(කොන්දේසිය1){
කොන්දේසිය1 සත්ය වූ විට execute වන කොඩ් එක.
}
else if(කොන්දේසිය2){
කොන්දේසිය2 සත්ය වූ විට execute වන කොඩ් එක.
}
else{
කොන්දේසි කිසිවක් සත්ය නොවූ විට execute වන කොඩ් එක.
}
උදාහරනය
<?php
$a=5;
$b=6;
$c=5;
if($a==$b){
echo 'a=b';
}
else if($a==$c){
echo 'a=c';
}
else{
echo 'failure';
}
?>
$a=5;
$b=6;
$c=5;
if($a==$b){
echo 'a=b';
}
else if($a==$c){
echo 'a=c';
}
else{
echo 'failure';
}
?>
මෙහිදී output එක ලෙස a=c ලැබෙනව. a ට b සම්මන නැති නිසා if බ්ලොක් එක execute වෙන්නෙ නෑ නමුත් a ට c සමාන නිසා else if බ්ලොක් එක වෙනව. හැම වෙලාවෙම ඉහල සිට පිලිවෙලට කොන්දේසි check කරල පලමුව සත්ය වන් බ්ලොක් එක execute වෙනව. සේරම අසත්ය උනොත් else බ්ලොක් එක වෙනව.
switch
switch(අගය){
case අගය1:
අගය=අගය1වූ විට execute වන කොඩ් එක.
break;
case අගය2:
අගය=අගය2 වූ විට execute වන කොඩ් එක.
break;
default :
අගය ඉහත කිසිදු අගයකට සමාන නොවූ විට execute වන කොඩ් එක.
break;
}
PHP Coding ආරම්භය
අද PHP වලින් වෙබ් පිටුවක් හදල බ්ලමු. ඉස්සරවෙලාම PHP වල Systax කොහොමද කියල බලමුකො. PHP කෝඩ් එක තියන බ්ලොක් එකක් පටන්ගන්නෙ <?php දාල. ඉවර කරන්නෙ ?>දාල. PHP page එකක HTML ටැග්ස් තියෙන්න පුලුවන්.පහත උදාහරනෙ තියෙන්නෙ browser එක PHP page එකට request එකක් යැව්වහම Hello World කියල පෙන්නන්න හදපු එකක්.
<html>
<body>
<?php
echo 'Hello World';
?>
</body>
</html>
<body>
<?php
echo 'Hello World';
?>
</body>
</html>
මේ ටික කොපි කරල කියල test.php ෆයිල් එකකට සේව් කර ගන්නකො. දැන් ඒ ෆයිල් එක ඔයල සර්වර් එක ඉන්ස්ටෝල් කරපු ෆොල්ඩරේ ඇතුලෙ තියන් www කියන ෆෝල්ඩර් එකට කොපි කරගන්න. ඊටපස්සෙ බ්‍රව්සර් එකෙන් ඒ පේජ් එකේ url (localhost/test.php) එක ටයිප් කරල එන්ටර් කී එක ඔබන්න.
හැම PHP statement එකක්ම ඉවර වෙන්නෙ ; එකෙන්. echo සහ print කියන function පාවිච්චි කරල අපි browser එකට strings යවනව. මේ විදියට අපිට සම්පූර්න HTML page එකක්ම PHP වලින්ම හදල යවන්න පුලුවන්. පල්ලෙහා තියෙන්නෙ ඒ විදියට කලින් උදාහරනෙම වෙන්ස් කරල.
<?php
echo '<html>';
echo '<body>';
echo 'Hello World';
echo'</body></html>';
?>
echo '<html>';
echo '<body>';
echo 'Hello World';
echo'</body></html>';
?>
ඕනෙනම් තනි එකක් විදියට යවන්න තිබ්බ හරියට අන්තිම පේලියෙදි වගේ. අදුරගන්න පහසු වෙන්නයි වෙනවෙන පේලි වල දැම්මෙ.
PHP පටන්ගම්මු Server ටිකත් ඉන්ස්ටෝල් කරමු
අලුත්ම කුප්පිය PHP ගැනයි. කුප්පිය පටන්ගන්න කලින් ඔයාල දැනගෙන හිටියොත් හොද දේවල් තියනව. ඒව තමයි HTML,JavaScript. දන්නෙ නැතත් කුප්පිය ඉස්සරහට යනකොට ටිකක් දැන ගන්න ලැබෙයි.
PHP කියන්නෙ සර්වර් එක ප්‍රොග්‍රැම් කරන භාශාවක්. ඩේටාබේස් වර්ග ගොඩක් සපොර්ට් කරනව (MySQL, Informix, Oracle, Sybase, Solid, PostgreSQL, Generic ODBC). තියෙන අනිත් වාසිය තමයි මේක නොමිලේම ලබාගන්න පුලුවන් එක. http://www.php.net එකට ගිහිල්ල නොමිලේම බාගන්න පුලුවන්.PHP execute වෙන්නෙ සර්වර් එකේ.browser එක PHP ගැන මොකුත්ම දන්නෙ නැ. PHP page එකකට ආවම සර්වර් එකේ ඒක execute වෙල HTML පිටුවක් විදියට තමා browser එකට එන්නෙ.
ඉස්සරහට වැඩ කරන්නනම් PHP වැඩකරන සර්වර් එකක් බාගෙන ඉන්ස්ටෝල් කරගන්න ඕනෙ.PHP, MySQL,Apache 3ම එකට ගන්නත් පුලුවන්. ඒක ලේසියිනෙ.
Windows පාවිච්චි කරනවන්ම් http://www.wampserver.com/en/ ගිහිල්ල WampServer එක බාගන්න ඉන්ස්ටෝල් කරන්න අමරු නැ සාමන්ය විදියටම තමා.
Linux පාවිච්චි කරනවන්ම් http://lamphowto.com/ ගිහිල්ල LampServer එක බාගන්න.
මේ සේරම නොමිලේ!!!!.
මේව ඉන්ස්ටෝල් කරගත්තට පස්සෙ අපිට වැඩේ ඉස්සරහට කරගෙන යන්න පුලුවන්. මුලින් ඔයටික ඉන්ස්ටෝල් කරගන්නකො. ඊලග පෝස්ට් එකේ ඉදල බලමු වලින් ප්‍රොග්‍රැම් කරන හැටි
.
PHP කියන්නෙ සර්වර් එක ප්‍රොග්‍රැම් කරන භාශාවක්. ඩේටාබේස් වර්ග ගොඩක් සපොර්ට් කරනව (MySQL, Informix, Oracle, Sybase, Solid, PostgreSQL, Generic ODBC). තියෙන අනිත් වාසිය තමයි මේක නොමිලේම ලබාගන්න පුලුවන් එක. http://www.php.net එකට ගිහිල්ල නොමිලේම බාගන්න පුලුවන්.PHP execute වෙන්නෙ සර්වර් එකේ.browser එක PHP ගැන මොකුත්ම දන්නෙ නැ. PHP page එකකට ආවම සර්වර් එකේ ඒක execute වෙල HTML පිටුවක් විදියට තමා browser එකට එන්නෙ.
ඉස්සරහට වැඩ කරන්නනම් PHP වැඩකරන සර්වර් එකක් බාගෙන ඉන්ස්ටෝල් කරගන්න ඕනෙ.PHP, MySQL,Apache 3ම එකට ගන්නත් පුලුවන්. ඒක ලේසියිනෙ.
Windows පාවිච්චි කරනවන්ම් http://www.wampserver.com/en/ ගිහිල්ල WampServer එක බාගන්න ඉන්ස්ටෝල් කරන්න අමරු නැ සාමන්ය විදියටම තමා.
Linux පාවිච්චි කරනවන්ම් http://lamphowto.com/ ගිහිල්ල LampServer එක බාගන්න.
මේ සේරම නොමිලේ!!!!.
මේව ඉන්ස්ටෝල් කරගත්තට පස්සෙ අපිට වැඩේ ඉස්සරහට කරගෙන යන්න පුලුවන්. මුලින් ඔයටික ඉන්ස්ටෝල් කරගන්නකො. ඊලග පෝස්ට් එකේ ඉදල බලමු වලින් ප්‍රොග්‍රැම් කරන හැටි
.
HTML වල වගු ඇතුලත් කරන අයුරු ගැනයි මේ
අද කුප්පියෙන් බලන්නෙ වෙබ් පිටුවලට වගු ඇතුලත් කරගන්න ආකාරය ගැනයි. මේ සදහා ටැග්ස් කිහිපයක්ම පාවිච්චි කරනව. ඒ හැම 1ක් ගැනම කෙටියෙන් බලල. උදාහර්නෙකුත් බලමුකො.හැබැයි ඉතින් 1ක් කියනනම ඕනෙ, මේව දැනගත්තට වැඩක් කරනකොට ප්රශ්න මතුවෙනව. ඒව ගොඩ දාගන්න ප්රශ්න තියනවනම් අහන්න පුලුවන්. මම දන්නවනම් උත්තර දෙන්නම්. කෝක්ටත් ටිකක් කඩ්ඩ පොලිශ් කරගන්න එක තමා හොද. සින්හලෙන් මේවගැන වැඩි විස්තර නෑනෙ. ඔයාල ගොඩදාගන්න ඒව සින්හලෙන් ඔයාලගෙ බ්ලොග් එකක් හදල දාන්න. අපේ අයට අපි හෙල්ප් කරන්න ඕනනෙ.
හා ඔන්න එහෙනන් වැදි බන නවත්තල වහුව හදන්න පාවිච්චි වෙන ටැග් ටික ගොඩ දාමු.
<table> - මේ ටැග් එක ඇතුලෙ තමා වගුව හදන්නෙ.
<tr> - වගුවට අලුත් පේලියක් එකතුකරන්නෙ මේ ටැග් එකෙන්
<td> - පේලියක් ඇතුලෙ දත්ත දාන්න කොලම් 1ක් හදාග්නෙ මේක පාවිච්චි කරල.
<th> - මේකත් කලින් ටැග් එක වගේම තමා. වෙනස තියෙන්නෙ මේක ඇතුලෙ තියන අකුරු බොල්ඩ් වෙලා තියෙන්නෙ. වගුවෙ ඉහලම පේලියෙ කොලම් වලට නම් දාන්න මේක පාවිච්චි කරනව. අනිත් තැන් වල උනත් අවශ්යතාව අනුව පාවිච්චි කලාට වරදක් නෑ.
සරල උදාහරනයක් බලමු. වගු ඇතුලෙ වගු දාන්න වගෙ වැඩ උනත් කරගන්න අමාරු නෑ. පේලි වල හරි පේලෙ ඇතුලෙ තියන කොලම් වල හරි අලුතෙන් වගු දාගන්න පුලුවන්. ටිකක් කරලම බලන්න. මේව එච්චර ගේමක් තියන වැඩ නෙමෙ. මෙවගෙ ඒ හැටි රහකුත් නැ. ගතියක් එන්නෙ CSS, JavaScript එහෙම දාපුවාම. ඒත් ඉතින් හරිහාමන් වැඩක් ගන්නනම් ඒව විතරකුත් මදි. සර්වර් එකේ ප්රොග්රැම් කරන්නත් දැනගන්න ඕනෙ. මේව කියන්නෙ ඔයලව වලේ දාන්න නෙමේ. ඒක තමා ඇත්ත. මගෙ කඩු බ්ලොග් එකේ තියනව CSS වලින් කරපු ආතල් වැඩ ටිකක්. ඕන්නම් ගිහින් බලන්න http://jayaprabath.blogspot.com. නැත්තන් ඉතින් නෙට් එකේ සර්ච් කලාම ඕව ඕනතරන් හොයාගන්නත් පුලුවන්. ඕන් එහෙනන් උදාහරනෙ.
<html>
<head>
<title>Table</title>
</head>
<body>
<table>
<tr>
<th>Name</th>
<th>Age</th>
</tr>
<tr>
<td>jayaprabath</td>
<td>22</td>
</tr>
<tr>
<td>Isura</td>
<td>22</td>
</tr>
</table>
</body>
</html>
<head>
<title>Table</title>
</head>
<body>
<table>
<tr>
<th>Name</th>
<th>Age</th>
</tr>
<tr>
<td>jayaprabath</td>
<td>22</td>
</tr>
<tr>
<td>Isura</td>
<td>22</td>
</tr>
</table>
</body>
</html>
ෆොර්ම් පිලිවෙලට සකස් කරන්නත් මේ වගු නිතර පාවිච්චි කරනව. හැබැයි මෙතන තියන 1ක දිහා බලල දන්නව කියල හිත හදා ගත්තට තේරුමක් නැ. චුට්ටක් ඔය ටැග්ස් එහෙට මෙහෙට දාල ටෙස්ට් එකක් දීල බලන්න ඕනෙ.
HTML ටැග්ස් කිහිපයක් දැනගනිමු
හරි එහෙනන් ඔන්න HTML කුප්පියේ 2වන පියවර බලමු. අද ටිකක් වැඩිපුර ටැග් ටිකක් ගැන බලමු. කොහොමත් ඉතින් HTML කියන්නෙ ටැග් ගොඩක්නෙ.මේකෙ තව ඒක දෙයක් කියලම වැඩේට බහිමු. HTML වල ටැග් ජාති 2ක් තියනව. එකක් තමයි block elements. මේවගේ ටැග් 2ක් අතර ලයින් බ්‍රේක් ඒකක් වදිනව. ඒ කියන්නෙ ටැග් 2ක ඇතුලෙ තියන ඒව එකම ලයින් 1ක තියෙන්නෙ නැ. අනිත්ජතිය තමයි inline elements. මේ ජාතියෙ ටැග් 2ක් අතර ලයින් බ්‍රේක් එකක් වදින්නෙ නැ. තව මේ ටැග් වලට attributes දෙන්නත් පුලුවන්. මේවා හුගක් පාවිච්චි කරන්නෙ. සර්වර් එකට විස්තර යවන්නයි CSS, JavaScript වගේ ඒවට එලිමන්ට් අදුරගන්නයි.
<p> - මේක block element එකක්. අපි මොනවහරි චේද එහෙම දානකොට මේක ඇතුලෙ තමා දාන්නෙ.
<img> - වෙබ් පිටුවට පින්තූර දාන්න තමා මේක පාවිච්චි කරන්නෙ. මේකෙ attribute එකක් හැටියට අපි පින්තූරෙ තියන තැන දෙන්න ඕනෙ. උදාහරනයක් විදියට වෙබ් පිටුව තැන්පත් කරලතියන ෆොල්ඩරය ඇතුලෙම තියන a.png කියන පින්තූරෙ ගනිමුකො. මේක අපෙ වෙබ් පිටුවට දාන්නෙ මෙනන මෙහෙම <img src='a.png' /> . මීට අමතරව තව alt කියල එකකුත් තියනව. ඒකෙන් වෙන්නෙ පින්තුරෙ තියන තැන් හොයාගන්න බැරි උනොත් පෙන්නන්න ඕනෙ අකුරු ටික මොකක්ද කියල කියන එක.එහනන් ඔය කියපු ඒව දෙකම දාපු උදාහරනයක් මෙන්න. <img src='a.png' alt='missing image' />. මේකෙදි පින්තූරෙ හොයාගන්න බැරි උනොත් missing image කියල පින්තුරෙ වෙනුවට පෙන්නනව.
<a> - ඔයාල ඕනතරන් ලින්ක් දැකල ඇතිනෙ. ඒ විදියට ලින්ක් දාන්න තම මේ ටැග් එක පාවිචි කරන්නෙ. මේකෙ href කියන එකට ලින්ක් කරන url එක දෙන්න ඕනෙ. උදාහරනයක් විදියට මගෙ කඩ්ඩෙන් ලියන බ්ලොග් එකට ලින්ක් එකක් දාන්නෙ මෙහෙම.<a href='http://jayaprabath.blogspot.com'>jayaprabath</a> ටැග් එක මැද තියන jayaprabath කියන ටික තම නිල් පාට වෙලා ලින්ක් එක විදියට පෙන්නන්නෙ.
<ul>,<ol> - මේ ටැග්ස් 2ම පාවිච්චි කරන්නෙ ලැයිස්තු වෙබ් පිටුවලට එකතු කරන්න.<ul> ටැග් ඒක පාවිච්චි කලාම වර්ඩ් වලදි වගේ බුලට්ස් තියන ලිස්ට් එකක් ලැබෙනව.<ol> ටැග් එක තියෙන්නෙ අන්ක දාපු ලිස්ට් එකක් ගන්න.මේ ටැග් ඇතුලෙ <li> ටැග් දාල ඒව ඇතුලෙ තියන ඒව එක ලිස්ට් අයිටම් එකක් විදියට පෙන්නනව. උදාහරනයකුත් බලමුකො.
<ul>
<li>first item</li>
<li>second item</li>
</ul>
<h1>,<h2>,....... - හෙඩිම් දාන්න පාවිච්චි කරන ටැග්ස් තමා මෙතන තියෙන්නෙ. මේ ටැග්ස් අතර තියෙන අකුරු බෝල්ඩ් වෙලා ප්‍රමානයෙන් ලොකුවට පෙන්නනව. ලොකුම අකුරු ලැබෙන්නෙ <h1> ටැග් 1ක පාවිච්චි කලාම. පිලිවෙලට අනිත් ටැග් වලදි අකුරු වල ප්‍රමානය කුඩා වෙනව.<li>first item</li>
<li>second item</li>
</ul>
<script> - JavaScript කෝඩ් දාන්න තමා මේ ටැග් 1ක ඕන කරන්නෙ. ඔන්නම් JavaScript කෝඩ් එක වෙන ෆයිල් 1ක දාල src කියන attribute 1ක පාවිච්චි කරල ඒ ෆයිල් 1ක තියන තැන දෙන්නත් පුලුවන්. දෙවිදියටම උදාහරනයක් බලමු.
<script type='text/javascript'>
JavaScript කෝඩ් දාන්නෙ මෙතන.
</script>
පහල තියන උදාහරනෙ කියන්නෙ වෙබ් පිටුව තියන ෆෝල්ඩරේ ඇතුලෙ තියන JavaScript ෆයිල් එකේ නම.JavaScript කෝඩ් දාන්නෙ මෙතන.
</script>
<script type='text/javascript' src='a.js'>
</script>
</script>
<style> - CSS කෝඩ් දාන්න පාවිච්චි කරන්නෙ මේ ටැග් 1ක. CSS පාවිච්චි කරන්නෙ වෙබ් පිටුවලට අලන්කාර පෙනුමක් ලබා දෙන්න.
<table> - මේ ටැග් එක තියෙන්නෙ වගු ඇතුලත් කරන්න. මේක ගැන පස්සෙ පෝස්ට් එකක් දාන්නම්කො.
<form> - මේ ටැග් එක තියෙන්නෙ යූසර්ගෙන් විස්තර ගන්න. හරියට Gmail Account හදනකොට විස්තර දෙනව වගේ.මේක ඇතුලෙ දාන ටැග් ගොඩක් තියනව. ඒව ගැනත් පස්සෙ දාන්නම්කො.
දැනට ඔය මදෑ. සින්හලෙන් ටයිප් කරන්නත් අමාරුයි අප්ප. තව ටැග් ගොඩක් තියනවනෙ. ඒව ගැනත් ටික ටික දාන්න හිතන් ඉන්නෙ.
HTML කෝඩ් කරන්න පටන්ගමු.
අද කුප්පිය HTML ගැන තමා. ටිකක් හරි දන්නවනම් මේකෙන් ඔයාට පලක් නැ. වැඩේට අලුත් නම් මේක හොදා.එහනන් ඕන් පටන්ගමු.
HTML තියන්නෙ වෙබ් පිටු හදන්න ගන්න භාශාවක්. බ්‍රව්සරේට තේරෙන්නෙ ඔක විතරනෙ. JavaScript බ්‍රව්සරේ වැඩකලාට ඒක තියනව කියල කියන්නෙත් HTML වලින්ම තමයි.වෙබ් පිටුවෙ තියන ඒව එකලස් කරන්නෙ මේකෙන් තමයි. ලස්සන කරන්නනම් ඉතින් CSS දාන්න ඕනෙ.හරි එහෙනම් ඔයටික හිතේ තියාගෙනම වෙබ් පිටු හදන වැඩේ පටන්ගම්මු.
මේකෙ තියෙන්නෙ ටැග් ගොඩක්. ඒ ටික හරියට දන්නවනම් වැඩේ ගොඩ. මුලින්ම අපි ටැග් එකක් ඕපන් කරල එක ඇතුලට අපිට ඔන එව දාලා අන්තිමට ඒ ටැග් ඒක වහල දාන්න ඕන. මෙන්න උදාහරනයක්.
<body> - ඔන්න ටැග් එක ඔපන් කලා.
දැන් මෙතන මොනවරි දාන්න ඕනෙ.
</body> - ඔන්න ටැග් එක වැහුව.
මේ විදියට තමා ඕන ටග් එකක් එක්ක වැඩ කරන්නෙ. දැන් ටැග් එක ගැන ටිකක් දන්න හින්ද වෙබ් පිටුවක් එකලස් කරන පිලිවෙල බලමු.
ඉස්සරවෙලා අපිට ටැග් 3ක් ඕන වෙනව. මොනවද මේ ගනන්කාර් ටැග්?
<html> - මේක තමා ලොකුම එක. මේක ඇතුලෙ තමයි අනිත් ඒව සේරම තියෙන්නෙ.
<head> - මේක ඇතුලෙ තමා අපේ වෙබ් පිටුව ගැන විස්තර දාන්නෙ. විස්තර කිව්වෙ හෙඩිම වගේ ඒව. දැනට මේක ගැන වැඩිය තිතන්න ඕනෙ නැ.
<body> - දාන සෙල්ලම් සේරම දාන්නෙ මේක ඇතුලෙ. චේද, පින්තූර, ලින්ක්, වීඩියෝ වගේ ඒව පිලිවෙලකට එකලස් කරන්නෙ මේකෙ.
හා එහෙනන් දැන් දන්න ටිකෙන් වෙබ් පිටුවක් හදමුකො.
<html>
<head>
<title>Web Page</title>
</head>
<body>
<p>Hello</p>
</body>
</html>
<head>
<title>Web Page</title>
</head>
<body>
<p>Hello</p>
</body>
</html>
මේ ටික කොපි කරල ෆයිල් එකක සේව් කරන්න. ෆයිල් එක්ස්ටෙන්ශන් එක .html වෙන්න ඕනෙ. උදාහරනයක් කීවොත් test.html
<title> ටැග් එක තියෙන්නෙ හෙඩිම දාන්න. හරියට දැන් මේ බ්ලොග් එක ඕපන් කරල තියන ටැබ් එකේ "කුප්පිය" කියල තියනව වගේ. මේක දාන්නෙ <head> ටැග් එක ඇතුලෙ. <p> ටැග් එක ඇතුලෙ තමා චේද දාන්නෙ. මෙක නැතුව නිකන් ටැග් එක ඇතුලෙ Hello කියල දැම්මත් අවුලක් නැ. ඒ උනාට මෙහෙම තමා හොද. පස්සෙ තේරෙයි ඇයි කියල.
ඔන්න පලවෙනි වෙබ් පිටුව හරි. හා එහෙනන් දැන් සේව් කරපු ෆයිල් එක බ්‍රව්සරෙන් ඕපන් කරල බලන්නකො.මෙලෝ රහක් නැ නේද. පටන්ගන්නකොට ඔහොම තමයි. පස්සෙ ඉතින් වැඩ දාන්න බැරියැ. ඊලග පෝස්ට් එකෙන් තව ටැග් ටිකක් ගැන බලමු. ඉස්සරහට හොද සෙල්ලමක් දාගන්න බලමු.
Subscribe to:
Posts (Atom)