Friday, May 20, 2011

PHP වල තීරන ගන්නෙ මෙහෙමයි


Conditional Statements
අපි මේවා පාවිච්චි කරන්නෙ කිසියම් කොන්දේසියක් අනුව execute කරන්න ඕනෙ කොඩ් එක තීරනය කරන්න. මේ සදහා අපි බොහෝ විට if, if else, if elseif else, switch යන control structures භාව්තා කරනව.

if භාවිතා කරන හැටි

if(කොන්දේසිය){
කොන්දේසිය සත්ය වූ විට execute වන කොඩ් එක.
}

උදාහරනය
<?php
$a=5;
$b=6;
$c=5;
if($a==$b){
echo 'a=b';
}
if($a==$c){
echo 'a=c';
}
?>

මෙහිදී output එක ලෙස a=c ලැබෙනව. a ට b සම්මන නැති නිසා 1වන if බ්ලොක් එක execute වෙන්නෙ නෑ නමුත් a ට c සමාන නිසා දෙවන if බ්ලොක් එක වෙනව. ඒ නිසා තමා අපිට a=c ලෙස ලැබෙන්නෙ.

if else භාවිතා කරන හැටි

if(කොන්දේසිය){
කොන්දේසිය සත්ය වූ විට execute වන කොඩ් එක.
}else{
කොන්දේසිය සත්ය නොවූ විට execute වන කොඩ් එක.
}

උදාහරනය

<?php
$a=5;
$b=4;
if(a==b){
echo 'success';
}else{
echo 'failure';
}
?>

මෙහිදී output එක ලෙස failure ලැබෙනව. කොන්දේසිය සත්ය නැති නිසා if බ්ලොක් එක execute වෙන්නෙ නෑ. else බ්ලොක් එක execute වෙල failure කියල output එක දෙනව. හැම වෙලාවෙම මේ බ්ලොක් දෙකෙන් එකයි execute වෙන්නෙ.

if elseif else

if(කොන්දේසිය1){
කොන්දේසිය1 සත්ය වූ විට execute වන කොඩ් එක.
}
else if(කොන්දේසිය2){
කොන්දේසිය2 සත්ය වූ විට execute වන කොඩ් එක.
}
else{
කොන්දේසි කිසිවක් සත්ය නොවූ විට execute වන කොඩ් එක.
}

උදාහරනය
<?php
$a=5;
$b=6;
$c=5;
if($a==$b){
echo 'a=b';
}
else if($a==$c){
echo 'a=c';
}
else{
echo 'failure';
}
?>

මෙහිදී output එක ලෙස a=c ලැබෙනව. a ට b සම්මන නැති නිසා if බ්ලොක් එක execute වෙන්නෙ නෑ නමුත් a ට c සමාන නිසා else if බ්ලොක් එක වෙනව. හැම වෙලාවෙම ඉහල සිට පිලිවෙලට කොන්දේසි check කරල පලමුව සත්ය වන් බ්ලොක් එක execute වෙනව. සේරම අසත්ය උනොත් else බ්ලොක් එක වෙනව.

switch

switch(අගය){
case අගය1:
අගය=අගය1වූ විට execute වන කොඩ් එක.
break;
case අගය2:
අගය=අගය2 වූ විට execute වන කොඩ් එක.
break;
default :
අගය ඉහත කිසිදු අගයකට සමාන නොවූ විට execute වන කොඩ් එක.
break;
}

No comments:

Post a Comment