Friday, May 20, 2011

HTML වල වගු ඇතුලත් කරන අයුරු ගැනයි මේ


අද කුප්පියෙන් බලන්නෙ වෙබ් පිටුවලට වගු ඇතුලත් කරගන්න ආකාරය ගැනයි. මේ සදහා ටැග්ස් කිහිපයක්ම පාවිච්චි කරනව. ඒ හැම 1ක් ගැනම කෙටියෙන් බලල. උදාහර්නෙකුත් බලමුකො.හැබැයි ඉතින් 1ක් කියනනම ඕනෙ, මේව දැනගත්තට වැඩක් කරනකොට ප්රශ්න මතුවෙනව. ඒව ගොඩ දාගන්න ප්රශ්න තියනවනම් අහන්න පුලුවන්. මම දන්නවනම් උත්තර දෙන්නම්. කෝක්ටත් ටිකක් කඩ්ඩ පොලිශ් කරගන්න එක තමා හොද. සින්හලෙන් මේවගැන වැඩි විස්තර නෑනෙ. ඔයාල ගොඩදාගන්න ඒව සින්හලෙන් ඔයාලගෙ බ්ලොග් එකක් හදල දාන්න. අපේ අයට අපි හෙල්ප් කරන්න ඕනනෙ.

හා ඔන්න එහෙනන් වැදි බන නවත්තල වහුව හදන්න පාවිච්චි වෙන ටැග් ටික ගොඩ දාමු.

<table> - මේ ටැග් එක ඇතුලෙ තමා වගුව හදන්නෙ.
<tr> - වගුවට අලුත් පේලියක් එකතුකරන්නෙ මේ ටැග් එකෙන්
<td> - පේලියක් ඇතුලෙ දත්ත දාන්න කොලම් 1ක් හදාග්නෙ මේක පාවිච්චි කරල.
<th> - මේකත් කලින් ටැග් එක වගේම තමා. වෙනස තියෙන්නෙ මේක ඇතුලෙ තියන අකුරු බොල්ඩ් වෙලා තියෙන්නෙ. වගුවෙ ඉහලම පේලියෙ කොලම් වලට නම් දාන්න මේක පාවිච්චි කරනව. අනිත් තැන් වල උනත් අවශ්යතාව අනුව පාවිච්චි කලාට වරදක් නෑ.

සරල උදාහරනයක් බලමු. වගු ඇතුලෙ වගු දාන්න වගෙ වැඩ උනත් කරගන්න අමාරු නෑ. පේලි වල හරි පේලෙ ඇතුලෙ තියන කොලම් වල හරි අලුතෙන් වගු දාගන්න පුලුවන්. ටිකක් කරලම බලන්න. මේව එච්චර ගේමක් තියන වැඩ නෙමෙ. මෙවගෙ ඒ හැටි රහකුත් නැ. ගතියක් එන්නෙ CSS, JavaScript  එහෙම දාපුවාම. ඒත් ඉතින් හරිහාමන් වැඩක් ගන්නනම් ඒව විතරකුත් මදි. සර්වර් එකේ ප්රොග්රැම් කරන්නත් දැනගන්න ඕනෙ. මේව කියන්නෙ ඔයලව වලේ දාන්න නෙමේ. ඒක තමා ඇත්ත. මගෙ කඩු බ්ලොග් එකේ තියනව CSS වලින් කරපු ආතල් වැඩ ටිකක්. ඕන්නම් ගිහින් බලන්න http://jayaprabath.blogspot.com. නැත්තන් ඉතින් නෙට් එකේ සර්ච් කලාම ඕව ඕනතරන් හොයාගන්නත් පුලුවන්. ඕන් එහෙනන් උදාහරනෙ.
<html>
<head>
<title>Table</title>
</head>
<body>
<table>
<tr>
<th>Name</th>
<th>Age</th>
</tr>
<tr>
<td>jayaprabath</td>
<td>22</td>
</tr>
<tr>
<td>Isura</td>
<td>22</td>
</tr>
</table>
</body>
</html>

ෆොර්ම් පිලිවෙලට සකස් කරන්නත් මේ වගු නිතර පාවිච්චි කරනව. හැබැයි මෙතන තියන 1ක දිහා බලල දන්නව කියල හිත හදා ගත්තට තේරුමක් නැ. චුට්ටක් ඔය ටැග්ස් එහෙට මෙහෙට දාල ටෙස්ට් එකක් දීල බලන්න ඕනෙ.

No comments:

Post a Comment