Friday, May 20, 2011

PHP Coding ආරම්භය


අද PHP වලින් වෙබ් පිටුවක් හදල බ්ලමු. ඉස්සරවෙලාම PHP වල Systax කොහොමද කියල බලමුකො. PHP කෝඩ් එක තියන බ්ලොක් එකක් පටන්ගන්නෙ <?php දාල. ඉවර කරන්නෙ ?>දාල. PHP page එකක HTML  ටැග්ස් තියෙන්න පුලුවන්.පහත උදාහරනෙ තියෙන්නෙ browser එක PHP page එකට request එකක් යැව්වහම Hello World කියල පෙන්නන්න හදපු එකක්.

<html>
<body>
<?php
echo 'Hello World';
?>
</body>
</html>

       මේ ටික කොපි කරල කියල test.php ෆයිල්  එකකට සේව් කර ගන්නකො. දැන් ඒ ෆයිල් එක ඔයල සර්වර් එක ඉන්ස්ටෝල් කරපු ෆොල්ඩරේ ඇතුලෙ තියන් www කියන ෆෝල්ඩර් එකට කොපි කරගන්න. ඊටපස්සෙ බ්‍රව්සර් එකෙන් ඒ පේජ් එකේ url (localhost/test.php) එක ටයිප් කරල එන්ටර් කී එක ඔබන්න.

හැම PHP statement එකක්ම ඉවර වෙන්නෙ ; එකෙන්. echo සහ print කියන function පාවිච්චි කරල අපි browser එකට strings යවනව. මේ විදියට අපිට සම්පූර්න HTML page එකක්ම PHP වලින්ම හදල යවන්න පුලුවන්. පල්ලෙහා තියෙන්නෙ ඒ විදියට කලින් උදාහරනෙම වෙන්ස් කරල.

<?php
echo '<html>';
echo '<body>';
echo 'Hello World';
echo'</body></html>';
?>


       ඕනෙනම් තනි එකක් විදියට යවන්න තිබ්බ හරියට අන්තිම පේලියෙදි වගේ. අදුරගන්න පහසු වෙන්නයි වෙනවෙන පේලි වල දැම්මෙ.

No comments:

Post a Comment