Friday, May 20, 2011

HTML කෝඩ් කරන්න පටන්ගමු.


    අද කුප්පිය HTML ගැන තමා. ටිකක් හරි දන්නවනම් මේකෙන් ඔයාට පලක් නැ. වැඩේට අලුත් නම් මේක හොදා.එහනන් ඕන් පටන්ගමු.
    HTML තියන්නෙ වෙබ් පිටු හදන්න ගන්න භාශාවක්. බ්‍රව්සරේට තේරෙන්නෙ ඔක විතරනෙ. JavaScript බ්‍රව්සරේ වැඩකලාට ඒක තියනව කියල කියන්නෙත් HTML වලින්ම තමයි.වෙබ් පිටුවෙ තියන ඒව එකලස් කරන්නෙ මේකෙන් තමයි. ලස්සන කරන්නනම් ඉතින් CSS දාන්න ඕනෙ.හරි එහෙනම් ඔයටික හිතේ තියාගෙනම වෙබ් පිටු හදන වැඩේ පටන්ගම්මු.
    මේකෙ තියෙන්නෙ ටැග් ගොඩක්. ඒ ටික හරියට දන්නවනම් වැඩේ ගොඩ. මුලින්ම අපි  ටැග් එකක් ඕපන් කරල එක ඇතුලට අපිට ඔන එව දාලා අන්තිමට ඒ ටැග් ඒක වහල දාන්න ඕන. මෙන්න උදාහරනයක්.

<body> - ඔන්න ටැග් එක ඔපන් කලා.
දැන් මෙතන මොනවරි දාන්න ඕනෙ.
</body> - ඔන්න ටැග් එක වැහුව.

    මේ විදියට තමා ඕන ටග් එකක් එක්ක වැඩ කරන්නෙ. දැන් ටැග් එක ගැන ටිකක් දන්න හින්ද වෙබ් පිටුවක් එකලස් කරන පිලිවෙල බලමු.
ඉස්සරවෙලා අපිට ටැග් 3ක් ඕන වෙනව. මොනවද මේ ගනන්කාර් ටැග්?

<html> - මේක තමා ලොකුම එක. මේක ඇතුලෙ තමයි අනිත් ඒව සේරම තියෙන්නෙ.
<head> - මේක ඇතුලෙ තමා අපේ වෙබ් පිටුව ගැන විස්තර දාන්නෙ. විස්තර කිව්වෙ හෙඩිම වගේ ඒව. දැනට මේක ගැන වැඩිය තිතන්න ඕනෙ නැ.
<body> - දාන සෙල්ලම් සේරම දාන්නෙ මේක ඇතුලෙ. චේද, පින්තූර, ලින්ක්, වීඩියෝ වගේ ඒව පිලිවෙලකට එකලස් කරන්නෙ මේකෙ.

හා එහෙනන් දැන් දන්න ටිකෙන් වෙබ් පිටුවක් හදමුකො.
<html>
<head>
<title>Web Page</title>
</head>
<body>
<p>Hello</p>
</body>
</html>

මේ ටික කොපි කරල ෆයිල් එකක සේව් කරන්න. ෆයිල් එක්ස්ටෙන්ශන් එක .html වෙන්න ඕනෙ. උදාහරනයක් කීවොත් test.html

<title> ටැග් එක තියෙන්නෙ හෙඩිම දාන්න. හරියට දැන් මේ බ්ලොග් එක ඕපන් කරල තියන ටැබ් එකේ "කුප්පිය" කියල තියනව වගේ. මේක දාන්නෙ <head> ටැග් එක ඇතුලෙ. <p> ටැග් එක ඇතුලෙ තමා චේද දාන්නෙ. මෙක නැතුව නිකන් ටැග් එක ඇතුලෙ Hello කියල දැම්මත් අවුලක් නැ. ඒ උනාට මෙහෙම තමා හොද. පස්සෙ තේරෙයි ඇයි කියල.

ඔන්න පලවෙනි වෙබ් පිටුව හරි. හා එහෙනන් දැන් සේව් කරපු ෆයිල් එක බ්‍රව්සරෙන් ඕපන් කරල බලන්නකො.මෙලෝ රහක් නැ නේද. පටන්ගන්නකොට ඔහොම තමයි. පස්සෙ ඉතින් වැඩ දාන්න බැරියැ. ඊලග පෝස්ට් එකෙන් තව ටැග් ටිකක් ගැන බලමු. ඉස්සරහට හොද සෙල්ලමක් දාගන්න බලමු.

No comments:

Post a Comment