PHP Arrays
කඩ්ඩ දන්නවනම් ඇරේ ගැන දැනගන්න මෙතනට යන්න. මෙතනින් සම්පූර්න විස්තරයක් බලාගන්න පුලුවන්. http://www.w3schools.com/php/php_ref_array.asp .
ඇරේ එකක් කියන්නෙ ටිකක් විශේශ විදියෙ Variable එකක්. සාමාන්ය Variable එකක අපිට එක අගයක් ගබඩා කරල තියාගන්න පුලුවන්. නමුත් අපිට ඇරේ එකක අගයන් ගොඩක් ගබඩා කරල තියාගන්න පුලුවන්. PHP වල මූලික වශයෙන් ඇරේ වර්ග 3ක් තියනව.
- Numeric Array - අන්කනය කරන ලද index එකක් තියන ඇරේ එකක්.
- Associative Array - ID එකක් අගයක් හා සම්බන්ද කරල තියන අරේ එකක්
- Multidimentional Array - ඇරේ එකක් හෝ කිහිපයක් ගබඩා කරගෙන තබාගන්න ඇරේ එකක්.
Numeric Array
Numeric Array හදාගන්න පුලුවන් ආකාර දෙකක් තියනව. උදාහරන වලින්ම ඒව ගැන බලමු.
මේකෙදි ඇරේ Index එක auto වැටෙනව. Array Index එක පටන්ගන්නෙ 0 ඉදන් කියල මතක තියාගන්න ඕනෙ.
$fruits=array("Apple","Mango","Orange");
2වන ක්‍රම්යෙදි එක Array Index අතින් ලබා දෙනව. Index එක හැටියට අපිට ඕන අන්කයක් දෙන්න පුලුවන්. එකම Index එක 2පාරක් දීල අගයන් 2ක් ලබාදුන්නොත් 2වනුව දීපු අගය තමා අවසානයේදි ගබඩා කරල තියා ගන්නෙ. සාමන්ය variable වල වෙන seen එකම තමා.
$fruits[0]="Apple";
$fruits[1]="Mango";
$fruits[2]="Orange";
$fruits[1]="Mango";
$fruits[2]="Orange";
අපිට ඇරේ එකක ගබඩා කරල තියන අගයක් index එක පාවිච්චි කරල නැවත ලබාගන්න පුලුවන්. උදාහරනයක් විදියට ඉහල අපි හදපු ඇරේ එකේ "Mango" කියන අගය ලබාගන්න නම් $fruits[1] කියල දෙන්න ඕනෙ. මෙතන 1 කියල දුන්නෙ "Mango" කියන අගය ගබඩා කරගත්තු index එක.
<?php
$fruits=array("Apple","Mango","Orange");
echo $fruits[1];
?>
$fruits=array("Apple","Mango","Orange");
echo $fruits[1];
?>
මේකෙ output එක විදියට Mango කියල ලැබෙනව.
Associative Array
මොකක් හරි නමක් දීල ඒකට අදාල අගයක් ගබඩා කරගන්න තමා මේ විදියෙ ඇරේ එකක් හදාගන්නෙ. මේකත් ඉතින් කලින් කියපු වර්ගය වගෙම තමා. උදාහරනයක් බලමුකො.
$ages=array("kamal"=>20,"amal"=>42,"nimal"=>80);
මේක පහත ආකාරයටත් කරන්න පුලුවන්.
$ages["kamal"]=20;
$ages["amal"]=42;
$ages["nimal"]=80;
$ages["amal"]=42;
$ages["nimal"]=80;
විස්තර කියන්න ඕනෙ නෑනෙ. උඩ කියපු එක බලා ගන්න.
No comments:
Post a Comment