Saturday, May 21, 2011

patch හදන්නෙ මෙහෙමයි


අද පැච් ෆයිල් එකක් හදාගන්න හැටි බලමු. හැබැයි පුතේ මාත් වැඩි විස්තරනම් දන්නෙ නෑ. දන්න ටික තමා දාන්නෙ. Windows වලදිනම් මේක කරන්න පුලුවන්ද කියල මම දන්නෙ නෑ. Linux වලදි නම් මේක වැඩ.

patch file 1ක හදන්නෙ diff command එක පාවිච්චි කරල. මේකෙන් ෆයිල් 2ක වෙනස තමා දෙන්නෙ. මුලින්ම අපි පැච් කරන ෆොල්ඩර් 2ක එක ෆොල්ඩර් එකක් ඇතුලට කොපි කරගෙන cd command එක ගහල ඒ ෆෝල්ඩර් එක ඇතුලට යන්න ඕනෙ. ඊට පස්සෙ බැරියැ පැච් කරන්න.ඕන් එහෙනන් command එක.

diff -crBN original_folder modified_folder > patchfile.patch


  • original_folder - මේ අපි වෙනස් නොකරපු කෝඩ් එක තියන ෆෝල්ඩර් එක.
  • modified_folder - මේ අපි වෙනස් කරපු කෝඩ් එක තියන ෆෝල්ඩර් එක,
  • patchfile.patch - හැදෙන පැච් ෆයිල් එකේ නම.


c,r ගැනනම් දන්නෙ නැ. ඒව දැම්මම වැඩ කියලනම් දන්නව. B වලින් කරන්නෙ හිස්තැන් නොසලකා පැච් එක හදන එක. කෝඩ් වලට ඉතින් හිස්තැන් කන්නද? N වලින් original ෆෝල්ඩර් එකේ නැති ඒත් modified ෆොල්ඩර් එකේ තියෙන ෆයිලුත් පැච් එකට එකතු කරන එක තමා වෙන්නෙ.
දැන් එහෙනම් හදපු පැච් එක දාමු. මුලින්ම පැච් ෆයිල් එක original_folder එක ඇතුලට කොපි කරගෙන cd command එක ගහල ඒ ෆෝල්ඩර් එක ඇතුලට යන්න ඕනෙ.ඊට පස්සෙ මේන්න මේ එක ගහන්න. එතකොට වැඩේ ගොඩ.

patch -p1 -i patchfile.patch

දැන් එහෙනන් ඕන පැච් එකක් දාගන්න පුලුවන්නෙ!!!!

No comments:

Post a Comment