මට නම් එපාකරපුම බ්රව්සර් එක තමා මේක. ඒකට ඉතින් හේතු ගොඩක් තියනව. මමනම් හතුරෙකුටවත් මේක පාවිච්චි කරන්න කියන්නෙනම් නැ. මේ ඉතින් මට හිතෙන හැටි. අනිත් අයට වෙන විදියට හිතෙන්න පුලුවන්.
පලවෙනි හේතුව තමා කැත
Chrome, Firefox වගේ බ්රව්සර් එක්ක බැලුවම ගල් යුගයෙ එකක් වගේ තමා පේන්නෙ. කැත තඩි මෙනු එක !!!. cache එක clear කරනකොට හරියට file මකනොකොට වගේ එන Dialog Box එක. නිකන් මෙකට වඩා ගතියක් තියන ඒව දෙද්දිත් මේ මගුල පාවිච්චි කරන්නෙ මොකටද?
දෙවනි හේතුව තමා CSS
අනික් බ්රව්සර් වල හොදට පේන වෙබ්සයිට් මේකෙන් බැලුව චාටර්. IE වල පෙනුම හදන්න වෙනම මහන්සි වෙන්න ඕන. නිකන් වෙලාව කන වෙඩක්. මමනම් හිතන්නෙ ඒක අත ඇරල දැම්මනන් හරි. කැතට දකින්න කැමති හින්දනෙ පාවිච්චි කරන්නෙ.
තුන්වෙනි හේතුව තමා Developer Tool එක
Chrome, Firefox වල තියන Developer Tool(Firebug) එකෙන් හුගක් විස්තර බලා ගත්තැහැකි. IE වල Developer Tool එක ඕපන් වෙන්නෙත් වෙනම එකක. නෙට්වර්ක් මොනිටර් කරන්නත් බැ.
සම්මතයන්ට ගරු කරන්නෙ නැත්. කිසි හැඩයක් නැති. මෙලෝ රහක් නැති. කැතට වෙබ්සයිට් පෙන්නන. අමුතු CSS Properties (behavior:…; වගේ) තියන පාවිච්චිකරන්නෙ ඇයි?