Saturday, June 18, 2011

windows Administrator Account System Account එකට වඩා බලගතු System Account එකෙන් ලොග්(Login) වෙන්නෙ මෙහමයි


windows Administrator Account System Account එකට වඩා බලගතු System Account එකෙන් ලොග්(Login) වෙන්නෙ මෙහමයි

කුප්පියෙ මෙච්චරකල් දාපු කුප්පි වලින් ආතල්ම කුප්පිය තමා මේක. මේක මමනම් කරල බැලුවෙ WindowsXP වල. අනිත් ඒවගෙත් වැඩ කරනව ඇති. මේ එකෙන් Login වෙලා PC එකට හානි කරගන්න එහෙමනම් එපා. කරන දෙයක් දැනගන කරන්න. මේ ට්‍රයි කරන එකේ අවුලක් ගියොත් වගකීම ඔයාලම ගන්න ඕන කියන එකත් කලින්ම කියන්න ඕන.
මේ Windows System Account එකෙන් ලොග් උනාම Administrator password උනත් වෙනස් කරන්න පුලුවන්. ඒ කියන්නෙ පාස්වර්ඩ් අමතක උනොත් එහෙම වෙන එකවුන්ට් එකකින් ලොග් වෙලා පාස්වර්ඩ් රීසෙට් කරන්නත් මේ ට්‍රික් එක පාවිච්චි කරන්න පුලුවන්. ඕන්නම් අනිත් ඕන එකවුන්ට් එකක් ඩිසේබල් කරන්නත් පුලුවන්.
මෙහෙමයි මේක කරන්නෙ

මුලින්ම ස්ටාර්ට් මෙනු එකේ run වලට ගිහිල්ල ඒකෙ cmd.exe කියල ටයිප් කරල එන්ටර් කී එක ප්‍රෙස් කරන්න.එතකොට එක ලැබෙනව.

ඒ ලැබෙන එකේ පහල තියන කමාන්ඩ් එක ටයිප් කරල එන්ටර් කී එක ප්‍රෙස් කරන්න.
at 11:41 /interactive "cmd.exe"
මේක කලාම කම්මන්ඩ් එකේ දීල තියන වෙලාවට තව අලුත් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකක් ඕපන් වෙනව. වෙලව දෙන්න ඕන පැය 24 ඔරලෝසුවෙ විදියට. උදාහරන්යක් කීවොත් හවස 3 දෙනවන්ම් කමාන්ඩ් එකේ වෙලාව දෙන්න ඕන. 15:00 කියල. දැන් ඔයාලගෙ වෙලාවට විනාඩි 2ක් විතර ඉස්සරහ වෙලාවක් දෙන්නකො. ඕන්නම් කියන කමාන්ඩ් එක ගහල ජොබ් එක ශෙඩියුල් වෙලාද කියලත් බලා ගන්න පුලුවන්.
අලුත් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ආවහම[ALT][CTRL][DELETE]  ප්‍රෙස් කරල Windows TaskManager ගන්න. TaskManager ඒකෙ Process කියන ටැබ් එකට ගිහින් explorer.exe එක සිලෙක්ට් කරල EndProcess කියන බටන් එක ක්ලික් කරන්න. ඊලගට එකයි පරන කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකයි ක්ලෝස් කරන්න. මතක තියාගන්න ක්ලෝස් කරන්නෙ පරන කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක.
මේ වෙනකොට තියෙන්න ඕන අලුත් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකයි. හිස් ඩෙස්ක්ටොප් එකයි විතරයි.

දැන් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ cd .. ටයිප් කරල එන්ටර් කී එක ප්‍රෙස් කරන්න. ඊලගට explorer.exe කියල ටයිප් කරල එන්ටර් කී එක ප්‍රෙස් කරන්න. ඔයාල පලවෙනි වතාවට මේක කරනකොට Windows වලින් අලුත් Desktop එකක් එහෙම හදල දෙනව. එව හැදෙනකන් ටිකක් ඉන්න. දැන් ඔයල ලොග් වෙලා ඉන්නෙ Windows System Account එකෙන්.

දැන් ඕන්නන් ගිහිල්ල එහෙම රීසෙට් කරල බලන්න. හැබැයි මේකෙන් ලොග් වෙල දන්නෙ නැති විකාර කරල ඇනගන්න එහෙම එපා.

අනිත් වලත් ටෙස්ට් කරල බලන්නකො. වැඩේ ගොඩනම් කමෙන්ට් එකක් දාල මටත් කියන්න.

3 comments: