හුගක් අය Internet එකෙන් සල්ලි හොයන එක ගැන උනන්දු හින්දයි මේක ගැන පොඩි කුප්පියක් දාන්න කියල හිතුවෙ. කුප්පිය දැම්මට මොකද මගෙ අතටනම් තාම සතයක්වත් ගන්න පුලුවන් වෙලා නෑ. හැබැයි online accounts වලනම් ඩොලර් එක දෙක තියනව. එහෙනන් බලමුකො Microworkers ලගෙ විස්තරේ.
මේකෙ තියන වැඩ ඕන මැට්ටෙකුට කරන්න පුලුවන්. තියෙන්නෙ ඇඩ් ක්ලික් කරන්න, සර්ච් කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කර්න්න, වෙබ් පිටුවලට යන්න, එක එක සයිට් වල එකවුන්ට් හදන්න, ෆලෝ කරන්න.
ඕව කරනවට ඉතින් ලොකු ගනන් හම්බ වෙන්නෙ නෑ. ඩොලර් 0.1 ඉදන් ඩොලර් 5 විතර වෙනකන් ගනන් හම්බ වෙනව. ඩොලර් එකට වඩා වැඩි ගනන් තියෙන්නෙ හොද පේජ් රැන්ක් තියන බ්ලොග් වලින් ලින්ක් එකක් එක්ක ආර්ටිකල් එකක් ගන්න. අනිත් ඒවට සොච්චමයි. මගෙ එකවුන්ට් එකේ තියෙන්නෙ ඩොලර් 2යි. සතයක්වත් අතටනම් හම්බවෙලා නෑ.
ඔය නිකන් ඉන්න වෙලාවට ගිහිල්ල බලන්නකො. ගන්න පුලුවන්නන් ඉතින් සතේ උනත් මොකද. විනඩියෙන් දෙකෙන් වැඩක් ගොඩදාල ඩොලර් 0.2 විතර හොයාගත්තැහැකි. අවුල තියෙන්නෙ එහෙම වැඩ් ගොඩක් නැති එක. හොද බ්ලොග් එකක් එහෙම තියනවන් මෙතන වැඩිපුර ගානක් හොයාගන්න පුලුවන්.
අපිට එතන හම්බවෙන මුදලින් අපේ වැඩ උනත් කරවගන්න පුලුවන්. පහල තියෙන්නෙ ලින්ක් එක. ගිහින් වැඩ්ක් වෙයිද කියල බලන්නකො.
No comments:
Post a Comment