Monday, November 14, 2011

නෑනා ගැන කියූ ජනකවි



            මේ ටික මම කියෙව්වෙ 1972 අගෝස්තු ශ්‍රී සගරාවෙ තිබිල. ලිපිය ලියල තිබුනෙ කපිල සෝමරත්න කියල මහත්තයෙක්. ඒකෙ තිබ්බ ඒවගෙන් දෙක තුනක් දාන්න ඕන කියල හිතුව. ජනකවි හින්ද උපුටගත්තට වරදක් නැ කියල හිතනව. සිරා කවි. හැබැයි වැඩේ වැර්දියි වගේ කියල හිතෙනවන්ම් කියන්න. මේක මම අයින් කරන්නම්.

සාගතේ මොටද මිනිහෙක් සතෙක් නැති
මාවතේ මොටද ගමනට ඉඩක් නැති
රා මතේ මොටද මග පෙරලුමක් නැති
ජීවිතේ මොටද නෑනා කෙනෙක් නැති


දුර එනකොට වැටකෙයියා මලක් වගෙයි
ලග එනකොට රිදියෙන් කල වැඩක් වගෙයි
ගෙට එනකොට ගෙයි ඇවිලෙන පහන වගෙයි
මගෙ නෑනා මට මානෙල් මලක් වගෙයි


කම්පා නොවී අප්පච්චියගෙ සැරෙන්
නෑනන්ඩියේ අපි පැනල දුවමු හොරෙන්
කන කර ටිකත් පොදි බැදගෙන පස්සෙ දොරෙන්
ලිද ලග තිබෙන වට කොස් ගහ ලගට වරෙන්


ඉර පායා ඉර අවරට ගියාදෝ
සද පායා සද මුදුනට ගියාදෝ
හැඩූ කදුලු මූදට එක් උනාදෝ
ලමා ලපටි නෑනා කොයි ගියාදෝ

Thursday, November 3, 2011

Internet Explorer නම් වූ වාත බ්රව්සරය


මට නම් එපාකරපුම බ්රව්සර් එක තමා මේක. ඒකට ඉතින් හේතු ගොඩක් තියනව. මමනම් හතුරෙකුටවත් මේක පාවිච්චි කරන්න කියන්නෙනම් නැ. මේ ඉතින් මට හිතෙන හැටි. අනිත් අයට වෙන විදියට හිතෙන්න පුලුවන්.

පලවෙනි හේතුව තමා කැත
            Chrome, Firefox වගේ බ්‍රව්සර් එක්ක බැලුවම ගල් යුගයෙ එකක් වගේ තමා පේන්නෙ. කැත තඩි මෙනු එක !!!. cache එක clear කරනකොට හරියට file මකනොකොට වගේ එන Dialog Box එක. නිකන් මෙකට වඩා ගතියක් තියන ඒව දෙද්දිත් මේ මගුල පාවිච්චි කරන්නෙ මොකටද?

දෙවනි හේතුව තමා CSS
            අනික් බ්‍රව්සර් වල හොදට පේන වෙබ්සයිට් මේකෙන් බැලුව චාටර්. IE වල පෙනුම හදන්න වෙනම මහන්සි වෙන්න ඕන. නිකන් වෙලාව කන වෙඩක්. මමනම් හිතන්නෙ ඒක අත ඇරල දැම්මනන් හරි. කැතට දකින්න කැමති හින්දනෙ පාවිච්චි කරන්නෙ.

තුන්වෙනි හේතුව තමා Developer Tool  එක
            Chrome, Firefox වල තියන Developer Tool(Firebug) එකෙන් හුගක් විස්තර බලා ගත්තැහැකි. IE වල Developer Tool එක ඕපන් වෙන්නෙත් වෙනම එකක. නෙට්වර්ක් මොනිටර් කරන්නත් බැ.

            සම්මතයන්ට ගරු කරන්නෙ නැත්. කිසි හැඩයක් නැති. මෙලෝ රහක් නැති. කැතට වෙබ්සයිට් පෙන්නන. අමුතු CSS Properties (behavior:…; වගේ) තියන පාවිච්චිකරන්නෙ ඇයි?

Wednesday, October 26, 2011

Internet එකේ පොඩි job දෙන Microworkers


            හුගක් අය Internet එකෙන් සල්ලි හොයන එක ගැන උනන්දු හින්දයි මේක ගැන පොඩි කුප්පියක් දාන්න කියල හිතුවෙ. කුප්පිය දැම්මට මොකද මගෙ අතටනම් තාම සතයක්වත් ගන්න පුලුවන් වෙලා නෑ. හැබැයි online accounts වලනම් ඩොලර් එක දෙක තියනව. එහෙනන් බලමුකො Microworkers ලගෙ විස්තරේ.
            මේකෙ තියන වැඩ ඕන මැට්ටෙකුට කරන්න පුලුවන්. තියෙන්නෙ ඇඩ් ක්ලික් කරන්න, සර්ච් කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කර්න්න, වෙබ් පිටුවලට යන්න, එක එක සයිට් වල එකවුන්ට් හදන්න, ෆලෝ කරන්න.
            ඕව කරනවට ඉතින් ලොකු ගනන් හම්බ වෙන්නෙ නෑ. ඩොලර් 0.1 ඉදන් ඩොලර් 5 විතර වෙනකන් ගනන් හම්බ වෙනව. ඩොලර් එකට වඩා වැඩි ගනන් තියෙන්නෙ හොද පේජ් රැන්ක් තියන බ්ලොග් වලින් ලින්ක් එකක් එක්ක ආර්ටිකල් එකක් ගන්න. අනිත් ඒවට සොච්චමයි. මගෙ එකවුන්ට් එකේ තියෙන්නෙ ඩොලර් 2යි. සතයක්වත් අතටනම් හම්බවෙලා නෑ.
            ඔය නිකන් ඉන්න වෙලාවට ගිහිල්ල බලන්නකො. ගන්න පුලුවන්නන් ඉතින් සතේ උනත් මොකද. විනඩියෙන් දෙකෙන් වැඩක් ගොඩදාල ඩොලර් 0.2 විතර හොයාගත්තැහැකි. අවුල තියෙන්නෙ එහෙම වැඩ් ගොඩක් නැති එක. හොද බ්ලොග් එකක් එහෙම තියනවන් මෙතන වැඩිපුර ගානක් හොයාගන්න පුලුවන්.
අපිට එතන හම්බවෙන මුදලින් අපේ වැඩ උනත් කරවගන්න පුලුවන්. පහල තියෙන්නෙ ලින්ක් එක. ගිහින් වැඩ්ක් වෙයිද කියල බලන්නකො.

Saturday, June 18, 2011

windows Administrator Account System Account එකට වඩා බලගතු System Account එකෙන් ලොග්(Login) වෙන්නෙ මෙහමයි


windows Administrator Account System Account එකට වඩා බලගතු System Account එකෙන් ලොග්(Login) වෙන්නෙ මෙහමයි

කුප්පියෙ මෙච්චරකල් දාපු කුප්පි වලින් ආතල්ම කුප්පිය තමා මේක. මේක මමනම් කරල බැලුවෙ WindowsXP වල. අනිත් ඒවගෙත් වැඩ කරනව ඇති. මේ එකෙන් Login වෙලා PC එකට හානි කරගන්න එහෙමනම් එපා. කරන දෙයක් දැනගන කරන්න. මේ ට්‍රයි කරන එකේ අවුලක් ගියොත් වගකීම ඔයාලම ගන්න ඕන කියන එකත් කලින්ම කියන්න ඕන.
මේ Windows System Account එකෙන් ලොග් උනාම Administrator password උනත් වෙනස් කරන්න පුලුවන්. ඒ කියන්නෙ පාස්වර්ඩ් අමතක උනොත් එහෙම වෙන එකවුන්ට් එකකින් ලොග් වෙලා පාස්වර්ඩ් රීසෙට් කරන්නත් මේ ට්‍රික් එක පාවිච්චි කරන්න පුලුවන්. ඕන්නම් අනිත් ඕන එකවුන්ට් එකක් ඩිසේබල් කරන්නත් පුලුවන්.
මෙහෙමයි මේක කරන්නෙ

මුලින්ම ස්ටාර්ට් මෙනු එකේ run වලට ගිහිල්ල ඒකෙ cmd.exe කියල ටයිප් කරල එන්ටර් කී එක ප්‍රෙස් කරන්න.එතකොට එක ලැබෙනව.

ඒ ලැබෙන එකේ පහල තියන කමාන්ඩ් එක ටයිප් කරල එන්ටර් කී එක ප්‍රෙස් කරන්න.
at 11:41 /interactive "cmd.exe"
මේක කලාම කම්මන්ඩ් එකේ දීල තියන වෙලාවට තව අලුත් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකක් ඕපන් වෙනව. වෙලව දෙන්න ඕන පැය 24 ඔරලෝසුවෙ විදියට. උදාහරන්යක් කීවොත් හවස 3 දෙනවන්ම් කමාන්ඩ් එකේ වෙලාව දෙන්න ඕන. 15:00 කියල. දැන් ඔයාලගෙ වෙලාවට විනාඩි 2ක් විතර ඉස්සරහ වෙලාවක් දෙන්නකො. ඕන්නම් කියන කමාන්ඩ් එක ගහල ජොබ් එක ශෙඩියුල් වෙලාද කියලත් බලා ගන්න පුලුවන්.
අලුත් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ආවහම[ALT][CTRL][DELETE]  ප්‍රෙස් කරල Windows TaskManager ගන්න. TaskManager ඒකෙ Process කියන ටැබ් එකට ගිහින් explorer.exe එක සිලෙක්ට් කරල EndProcess කියන බටන් එක ක්ලික් කරන්න. ඊලගට එකයි පරන කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකයි ක්ලෝස් කරන්න. මතක තියාගන්න ක්ලෝස් කරන්නෙ පරන කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක.
මේ වෙනකොට තියෙන්න ඕන අලුත් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකයි. හිස් ඩෙස්ක්ටොප් එකයි විතරයි.

දැන් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ cd .. ටයිප් කරල එන්ටර් කී එක ප්‍රෙස් කරන්න. ඊලගට explorer.exe කියල ටයිප් කරල එන්ටර් කී එක ප්‍රෙස් කරන්න. ඔයාල පලවෙනි වතාවට මේක කරනකොට Windows වලින් අලුත් Desktop එකක් එහෙම හදල දෙනව. එව හැදෙනකන් ටිකක් ඉන්න. දැන් ඔයල ලොග් වෙලා ඉන්නෙ Windows System Account එකෙන්.

දැන් ඕන්නන් ගිහිල්ල එහෙම රීසෙට් කරල බලන්න. හැබැයි මේකෙන් ලොග් වෙල දන්නෙ නැති විකාර කරල ඇනගන්න එහෙම එපා.

අනිත් වලත් ටෙස්ට් කරල බලන්නකො. වැඩේ ගොඩනම් කමෙන්ට් එකක් දාල මටත් කියන්න.

Saturday, June 11, 2011

Javascript වලින් cookie එක බලාගැනීම සහ තවත් දේවල්.


Javascript වලින් cookie එක බලාගැනීම සහ තවත් දේවල්.
මේක කියවපුවහම cookie එක ගන්න එක විතරක් නෙමෙයි. වෙබ් පිටුවකට ගිහින් ඒකෙ තියන ඕනම එලිමන්ට් එකක් ගැන දෑනගන්න පුලුවන්. වෙබ් පිටුවට අදාලව client side එකේ ගබඩාකරන ඕනම රහස් තොරතුරක් ගන්නෙ මේ විදියට තමා.
අපිට browser එකේ අඩ්ඩ්‍රස් බාර් එකේ javascript කෝඩ් ටයිප් කරල එන්ටර් කී එක ප්‍රෙස් කලාම ඇලර්ට් මැසේජ් එකකින් ඒ විස්තර පෙන්නනව. හා එහෙනන් මෙන්න syntax එක බලාගන්නකො. ඊට පස්සෙ ඉතින් ඕන කෝඩ් එකක් කරල ඕනදෙයක් බලාගත්තැහැකි

javascript: පලමු_javascript_statement_එක; දෙවන_javascript_statement_එක;

මේ විදියට ට්යිප් කරල එන්ටර් කී එක ප්‍රෙස් කලාම javascript කෝඩ් එක execute වෙනව. javascript statement එකක් වෙන් කර්න්නෙ ; එකකින්. javascript කෝඩ් එකට අමතරව වෙනදේවල් address bar එකේ තියෙන්න බෑ. ඒ කියන්නෙ http://abc.com?javascript:alert('hello'); වගේ ඒව වැඩකරන්නෙ නෑ.
පහල තියෙන්නෙ cookie එක බලාගන්න javascript කෝඩ් එක. මෙක address bar එකට කොපි කරල එන්ටර් කී එක ප්‍රෙස් කලාම cookie එකේ විස්තර බලාගන්න පුලුවන්.

javascript: alert(document.cookie);

Page Header එක බලාගන්නෙ මෙහෙමයි

javascript: alert(document.header.innerHTML);



ඔය විදියට ඔයාලට ඉතින් javascript දන්නවනම් ඕන දෙයක් බලාගන්න බැරියෑ!!!!!!!!!!!!!!!!!!!!!!!.

Friday, June 10, 2011

NotePad එකෙන් යාලුවන් මච්චන් කරවමු


Note Pad එක පාවිච්චි කරල යාලුවන්ට වාතයක් වෙමු


මුලින්ම එකක් කියල ඉන්න ඕනෙ. මේකෙ දාන හැම එකම මම කරල බැලුවෙ නැ.ක් 2ක තුන්ක් කරල බැලුව. ඒවනම් වැඩ. පොඩි ආතල් එකකුත් තියනව. මම නෙට් එක සර්ච් කරද්දි තමයි මේ ටික අහු උනේ. හිතුව සින්හලෙන් ඒ ටික දාන්න. කඩ්ඩෙන් ඒ ටික දාල තිබ්බ කෙන්නාට පින් අනුමෝදන් කරන්නත් ඕනෙ. එයානෙ මේව හොයාගත්තෙ මම සින්හලෙන් දානව එච්චර්යි.

පහල දාල තියන ඒව Note Pad එකක ගහල .vbs extension තියන file එකක save කරල කරල double click බලන්න. නවත්තන්න TaskManager වල Process වල wscript.exe select කරල endprocess button එක click කරන්න.

CapLock Key on off කරන්න

Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
loop

type කරන හැම පාරම backspace එකක් ගස්සවන්න

MsgBox “Let’s rock and roll”
Set wshShell =wscript.CreateObject(“WScript.Shell”)
do
wscript.sleep 100
wshshell.sendkeys “{bs}”
loop

මෙ දෙක දිහා බැලුවම අනිත් කී වලටත් මේකම කරන හැටි ආයෙ දාන්න ඕනෙ නෑනෙ. සමා වෙන්න මෙහෙම කීවට, ඒක කරගන්නත් ඉතින් බැරිනම් මැටි බව තමා ඒකෙන් පේන්නෙ.

Machine එක Shutdown කරවන්න (මේකනම් මම කරල බැලුවෙ නෑ)

@echo off
msg * I don’t like you
shutdown -c “Hahahah You are Doomed” -s

CD/DVD drive eject කරවන්න

Set oWMP = CreateObject(“WMPlayer.OCX.7″)
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count – 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count – 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop



ඔයටික කරල පොඩි ෆන් එකක් ගන්නකො. මේ ටික දාපු සුද්දටත් ස්තුති කරමු.

Saturday, May 21, 2011

PHP කුප්පිය

patch හදන්නෙ මෙහෙමයි


අද පැච් ෆයිල් එකක් හදාගන්න හැටි බලමු. හැබැයි පුතේ මාත් වැඩි විස්තරනම් දන්නෙ නෑ. දන්න ටික තමා දාන්නෙ. Windows වලදිනම් මේක කරන්න පුලුවන්ද කියල මම දන්නෙ නෑ. Linux වලදි නම් මේක වැඩ.

patch file 1ක හදන්නෙ diff command එක පාවිච්චි කරල. මේකෙන් ෆයිල් 2ක වෙනස තමා දෙන්නෙ. මුලින්ම අපි පැච් කරන ෆොල්ඩර් 2ක එක ෆොල්ඩර් එකක් ඇතුලට කොපි කරගෙන cd command එක ගහල ඒ ෆෝල්ඩර් එක ඇතුලට යන්න ඕනෙ. ඊට පස්සෙ බැරියැ පැච් කරන්න.ඕන් එහෙනන් command එක.

diff -crBN original_folder modified_folder > patchfile.patch


  • original_folder - මේ අපි වෙනස් නොකරපු කෝඩ් එක තියන ෆෝල්ඩර් එක.
  • modified_folder - මේ අපි වෙනස් කරපු කෝඩ් එක තියන ෆෝල්ඩර් එක,
  • patchfile.patch - හැදෙන පැච් ෆයිල් එකේ නම.


c,r ගැනනම් දන්නෙ නැ. ඒව දැම්මම වැඩ කියලනම් දන්නව. B වලින් කරන්නෙ හිස්තැන් නොසලකා පැච් එක හදන එක. කෝඩ් වලට ඉතින් හිස්තැන් කන්නද? N වලින් original ෆෝල්ඩර් එකේ නැති ඒත් modified ෆොල්ඩර් එකේ තියෙන ෆයිලුත් පැච් එකට එකතු කරන එක තමා වෙන්නෙ.
දැන් එහෙනම් හදපු පැච් එක දාමු. මුලින්ම පැච් ෆයිල් එක original_folder එක ඇතුලට කොපි කරගෙන cd command එක ගහල ඒ ෆෝල්ඩර් එක ඇතුලට යන්න ඕනෙ.ඊට පස්සෙ මේන්න මේ එක ගහන්න. එතකොට වැඩේ ගොඩ.

patch -p1 -i patchfile.patch

දැන් එහෙනන් ඕන පැච් එකක් දාගන්න පුලුවන්නෙ!!!!

Friday, May 20, 2011

PHP Array



PHP Arrays
කඩ්ඩ දන්නවනම් ඇරේ ගැන දැනගන්න මෙතනට යන්න. මෙතනින් සම්පූර්න විස්තරයක් බලාගන්න පුලුවන්. http://www.w3schools.com/php/php_ref_array.asp .

ඇරේ එකක් කියන්නෙ ටිකක් විශේශ විදියෙ Variable එකක්. සාමාන්ය Variable එකක අපිට එක අගයක් ගබඩා කරල තියාගන්න පුලුවන්. නමුත් අපිට ඇරේ එකක අගයන් ගොඩක් ගබඩා කරල තියාගන්න පුලුවන්. PHP වල මූලික වශයෙන් ඇරේ වර්ග 3ක් තියනව.


  • Numeric Array - අන්කනය කරන ලද index එකක් තියන ඇරේ එකක්.
  • Associative Array - ID එකක් අගයක් හා සම්බන්ද කරල තියන අරේ එකක්
  • Multidimentional Array - ඇරේ එකක් හෝ කිහිපයක් ගබඩා කරගෙන තබාගන්න ඇරේ එකක්.


Numeric Array

Numeric Array හදාගන්න පුලුවන් ආකාර දෙකක් තියනව. උදාහරන වලින්ම ඒව ගැන බලමු.
මේකෙදි ඇරේ Index එක auto වැටෙනව. Array Index එක පටන්ගන්නෙ 0 ඉදන් කියල මතක තියාගන්න ඕනෙ.

$fruits=array("Apple","Mango","Orange");

2වන ක්‍රම්යෙදි එක Array Index අතින් ලබා දෙනව. Index එක හැටියට අපිට ඕන අන්කයක් දෙන්න පුලුවන්. එකම Index එක 2පාරක් දීල අගයන් 2ක් ලබාදුන්නොත් 2වනුව දීපු අගය තමා අවසානයේදි ගබඩා කරල තියා ගන්නෙ. සාමන්ය variable වල වෙන seen එකම තමා.

$fruits[0]="Apple";
$fruits[1]="Mango";
$fruits[2]="Orange";

අපිට ඇරේ එකක ගබඩා කරල තියන අගයක් index එක පාවිච්චි කරල නැවත ලබාගන්න පුලුවන්. උදාහරනයක් විදියට ඉහල අපි හදපු ඇරේ එකේ "Mango" කියන අගය ලබාගන්න නම් $fruits[1] කියල දෙන්න ඕනෙ. මෙතන 1 කියල දුන්නෙ "Mango" කියන අගය ගබඩා කරගත්තු index එක.

<?php
$fruits=array("Apple","Mango","Orange");
echo $fruits[1];
?>

මේකෙ output එක විදියට Mango කියල ලැබෙනව.

Associative Array

මොකක් හරි නමක් දීල ඒකට අදාල අගයක් ගබඩා කරගන්න තමා මේ විදියෙ ඇරේ එකක් හදාගන්නෙ. මේකත් ඉතින් කලින් කියපු වර්ගය වගෙම තමා. උදාහරනයක් බලමුකො.
$ages=array("kamal"=>20,"amal"=>42,"nimal"=>80);
මේක පහත ආකාරයටත් කරන්න පුලුවන්.

$ages["kamal"]=20;
$ages["amal"]=42;
$ages["nimal"]=80;

විස්තර කියන්න ඕනෙ නෑනෙ. උඩ කියපු එක බලා ගන්න.

PHP variable සහ Strings හදුනාගමු


මේ පෝස්ට් එකෙන් PHP Varible ගැනයි Strings ගැනයි කුප්පියක් දාන්න තමා හිතුවෙ. variable  එකක් පාවිච්චි කරන්නෙ මොකක් හරි අගයක් ගබඩා කරල තියාගන්න. එතකොට අපිට ඒ අගය වෙනුවට එක පාවිච්චි කරන්න පුලුවන්. පැහැදිලි මදිද? කරන්න දෙයක් නැ. මට හරියටම ඒක කියන විදියක් හිතෙන්නෙ නැ. Code කරනකොට එක එයි.

PHP වල varable 1ක් පටන් ගන්නෙ $ සන්කේතයෙන්. උදාහරනයක් බලමු.

$var_name=value;

මේකෙ var_name කියන්නෙ එකට දෙන නම. value කියන්නෙ එකේ අගය.variable වලට අගයන් දෙන්න ඒව කලින් define කරල තියෙන්න ඕනෙ නැ. Java,C වලදි වගේ type එක කියන්න ඕනෙත් නැ. අනිත් එක තමා variable වලට නම් දෙනකොට සැලකිය යුතු කරුනු කිහිපයකුත් තියනව.


  • variable එකක නම අනිවාර්යයෙනම අකුරකින් හරි _ එකෙන් හරි පටන්න ඕන.
  • නමක තියෙන්න (a-z, A-Z, 0-9, _ ) පුලුවන් සන්කේත ටික විතරයි.
  • නමේ හිස්තැන්(spaces) තියෙන්නත් බෑ.


පහල තියෙන උදාහරනෙ බලන්න. මේකෙදි $hello කියල variable එකක් define කරල ඒකෙ අගය හැටියට Hello World කියල දෙනව. ඊට පස්සෙ ඒ variable එක browser එකට output කරනව. PHP වලින් $hello තියන තැනට ඒකෙ අගයවන Hello World ආදේශ කරනව. අවුලක් නෑනෙ. ඕක තෙරෙන්නෙත් නැත්තන් ඉතින් අවුලක්.
<?php
$hello='Hello World';
echo '<html>';
echo '<body>';
echo $hello;
echo'</body></html>';
?>

String Variables

මේව පාවිච්චි කරන්නෙ අකුරු හරි වචන හරි භාවිත කරල කරන වැඩ වලට. PHP වල String එකක් define කරන්නෙ ' ' ඇතුලෙ දාල එහෙම නැත්තන් " " ඇතුලෙ දාල. ඉහල දීපු උදාහරනෙ කියන්නෙ String varible එකක්. ඒකට assign කරල තියෙන්නෙ 'Hello world' කියන String එක.

String Concatenation

String Concate කරනව කියන්නෙ String 2ක් එකට එකතු කරල තනි එකක් හදනවට.ඒකට පාවිච්චි කරන්නෙ . සන්කේතය. ඒකටත් උදාහරනයක් බලමුකො.

<?php
$text1='hello';
$text2=' saman';
$concat=$text1.$text2;
echo $concat;
?>

මේකෙදි output එක විදියට ලැබෙන්නෙ hello saman කියල.

strlen() function

මේ function එකෙන් අපිට string එකක දිග එහෙම නැත්තන් අකුරු ගනන බලා ගන්න පුලුවන්. අකුරු කිව්වෙ හිස්තැනුත් එක්ක. ඒකටත් උදාහරනයක් බලමුකො. මේකෙදි output එක විදියට ලැබෙන්නෙ 11 කියල.

<?php
$text="Hello World";
echo strlen($text);
?>

strpos() function

මේකෙන් කරන්නෙ එක String එකක් ඇතුලෙ තවත් String එකක් තියනවද කියල හොයල එහෙම් තියන්වනම් ඒක පටන් ගන්න තැන ලබදෙන එක එහෙම තිබ්බෙ නැත්තන් false කියල ලබාදෙනව. function එකේ පලවෙනි argument එක විදියට පරීක්ශා කරන වච්නෙත් දෙවන argument එක විදියට පලවෙනි argument එක ඇතුලෙ අපි හොයන වචනෙත් දෙනව.

<?php
echo strpos("Hello world","world");
?>


මේකෙදි output එක විදියට ලැබෙන්නෙ 6 කියල. පටන් ගන්න තැන ගනින්න පටන් ගන්නෙ 0 ඉදල.

String එක්ක පාවිච්චි කරන function ගොඩක් තියන්ව. ඒ හැම එක ගැනම මෙතන දාන්නනම් මට බෑ. අනික මම ඒ හැම එක ගැනම දන්නෙත් නැ. ලින්ක් එක දාන්නම් හැබැයි පුතේ කඩ්ඩෙන් තියෙන්නෙ. ඒක තමා ඉතින් කඩ්ඩ පොලිශ් කරගන්න ඕන කියන්නෙ. http://www.w3schools.com/php/php_ref_string.asp

PHP වල තීරන ගන්නෙ මෙහෙමයි


Conditional Statements
අපි මේවා පාවිච්චි කරන්නෙ කිසියම් කොන්දේසියක් අනුව execute කරන්න ඕනෙ කොඩ් එක තීරනය කරන්න. මේ සදහා අපි බොහෝ විට if, if else, if elseif else, switch යන control structures භාව්තා කරනව.

if භාවිතා කරන හැටි

if(කොන්දේසිය){
කොන්දේසිය සත්ය වූ විට execute වන කොඩ් එක.
}

උදාහරනය
<?php
$a=5;
$b=6;
$c=5;
if($a==$b){
echo 'a=b';
}
if($a==$c){
echo 'a=c';
}
?>

මෙහිදී output එක ලෙස a=c ලැබෙනව. a ට b සම්මන නැති නිසා 1වන if බ්ලොක් එක execute වෙන්නෙ නෑ නමුත් a ට c සමාන නිසා දෙවන if බ්ලොක් එක වෙනව. ඒ නිසා තමා අපිට a=c ලෙස ලැබෙන්නෙ.

if else භාවිතා කරන හැටි

if(කොන්දේසිය){
කොන්දේසිය සත්ය වූ විට execute වන කොඩ් එක.
}else{
කොන්දේසිය සත්ය නොවූ විට execute වන කොඩ් එක.
}

උදාහරනය

<?php
$a=5;
$b=4;
if(a==b){
echo 'success';
}else{
echo 'failure';
}
?>

මෙහිදී output එක ලෙස failure ලැබෙනව. කොන්දේසිය සත්ය නැති නිසා if බ්ලොක් එක execute වෙන්නෙ නෑ. else බ්ලොක් එක execute වෙල failure කියල output එක දෙනව. හැම වෙලාවෙම මේ බ්ලොක් දෙකෙන් එකයි execute වෙන්නෙ.

if elseif else

if(කොන්දේසිය1){
කොන්දේසිය1 සත්ය වූ විට execute වන කොඩ් එක.
}
else if(කොන්දේසිය2){
කොන්දේසිය2 සත්ය වූ විට execute වන කොඩ් එක.
}
else{
කොන්දේසි කිසිවක් සත්ය නොවූ විට execute වන කොඩ් එක.
}

උදාහරනය
<?php
$a=5;
$b=6;
$c=5;
if($a==$b){
echo 'a=b';
}
else if($a==$c){
echo 'a=c';
}
else{
echo 'failure';
}
?>

මෙහිදී output එක ලෙස a=c ලැබෙනව. a ට b සම්මන නැති නිසා if බ්ලොක් එක execute වෙන්නෙ නෑ නමුත් a ට c සමාන නිසා else if බ්ලොක් එක වෙනව. හැම වෙලාවෙම ඉහල සිට පිලිවෙලට කොන්දේසි check කරල පලමුව සත්ය වන් බ්ලොක් එක execute වෙනව. සේරම අසත්ය උනොත් else බ්ලොක් එක වෙනව.

switch

switch(අගය){
case අගය1:
අගය=අගය1වූ විට execute වන කොඩ් එක.
break;
case අගය2:
අගය=අගය2 වූ විට execute වන කොඩ් එක.
break;
default :
අගය ඉහත කිසිදු අගයකට සමාන නොවූ විට execute වන කොඩ් එක.
break;
}

PHP Coding ආරම්භය


අද PHP වලින් වෙබ් පිටුවක් හදල බ්ලමු. ඉස්සරවෙලාම PHP වල Systax කොහොමද කියල බලමුකො. PHP කෝඩ් එක තියන බ්ලොක් එකක් පටන්ගන්නෙ <?php දාල. ඉවර කරන්නෙ ?>දාල. PHP page එකක HTML  ටැග්ස් තියෙන්න පුලුවන්.පහත උදාහරනෙ තියෙන්නෙ browser එක PHP page එකට request එකක් යැව්වහම Hello World කියල පෙන්නන්න හදපු එකක්.

<html>
<body>
<?php
echo 'Hello World';
?>
</body>
</html>

       මේ ටික කොපි කරල කියල test.php ෆයිල්  එකකට සේව් කර ගන්නකො. දැන් ඒ ෆයිල් එක ඔයල සර්වර් එක ඉන්ස්ටෝල් කරපු ෆොල්ඩරේ ඇතුලෙ තියන් www කියන ෆෝල්ඩර් එකට කොපි කරගන්න. ඊටපස්සෙ බ්‍රව්සර් එකෙන් ඒ පේජ් එකේ url (localhost/test.php) එක ටයිප් කරල එන්ටර් කී එක ඔබන්න.

හැම PHP statement එකක්ම ඉවර වෙන්නෙ ; එකෙන්. echo සහ print කියන function පාවිච්චි කරල අපි browser එකට strings යවනව. මේ විදියට අපිට සම්පූර්න HTML page එකක්ම PHP වලින්ම හදල යවන්න පුලුවන්. පල්ලෙහා තියෙන්නෙ ඒ විදියට කලින් උදාහරනෙම වෙන්ස් කරල.

<?php
echo '<html>';
echo '<body>';
echo 'Hello World';
echo'</body></html>';
?>


       ඕනෙනම් තනි එකක් විදියට යවන්න තිබ්බ හරියට අන්තිම පේලියෙදි වගේ. අදුරගන්න පහසු වෙන්නයි වෙනවෙන පේලි වල දැම්මෙ.

PHP පටන්ගම්මු Server ටිකත් ඉන්ස්ටෝල් කරමු

අලුත්ම කුප්පිය PHP ගැනයි. කුප්පිය පටන්ගන්න කලින් ඔයාල දැනගෙන හිටියොත් හොද දේවල් තියනව. ඒව තමයි HTML,JavaScript. දන්නෙ නැතත් කුප්පිය ඉස්සරහට යනකොට ටිකක් දැන ගන්න ලැබෙයි.

PHP කියන්නෙ සර්වර් එක ප්‍රොග්‍රැම් කරන භාශාවක්. ඩේටාබේස් වර්ග ගොඩක් සපොර්ට් කරනව (MySQL, Informix, Oracle, Sybase, Solid, PostgreSQL, Generic ODBC). තියෙන අනිත් වාසිය තමයි මේක නොමිලේම ලබාගන්න පුලුවන් එක. http://www.php.net එකට ගිහිල්ල නොමිලේම බාගන්න පුලුවන්.PHP execute වෙන්නෙ සර්වර් එකේ.browser එක PHP ගැන මොකුත්ම දන්නෙ නැ. PHP page එකකට ආවම සර්වර් එකේ ඒක execute වෙල HTML පිටුවක් විදියට තමා browser එකට එන්නෙ.

ඉස්සරහට වැඩ කරන්නනම් PHP වැඩකරන සර්වර් එකක් බාගෙන ඉන්ස්ටෝල් කරගන්න ඕනෙ.PHP, MySQL,Apache 3ම එකට ගන්නත් පුලුවන්. ඒක ලේසියිනෙ.

Windows පාවිච්චි කරනවන්ම් http://www.wampserver.com/en/ ගිහිල්ල WampServer එක බාගන්න ඉන්ස්ටෝල් කරන්න අමරු නැ සාමන්ය විදියටම තමා.

Linux පාවිච්චි කරනවන්ම් http://lamphowto.com/ ගිහිල්ල LampServer එක බාගන්න.

මේ සේරම නොමිලේ!!!!.
මේව ඉන්ස්ටෝල් කරගත්තට පස්සෙ අපිට වැඩේ ඉස්සරහට කරගෙන යන්න පුලුවන්. මුලින් ඔයටික ඉන්ස්ටෝල් කරගන්නකො. ඊලග පෝස්ට් එකේ ඉදල බලමු වලින් ප්‍රොග්‍රැම් කරන හැටි

.

HTML වල වගු ඇතුලත් කරන අයුරු ගැනයි මේ


අද කුප්පියෙන් බලන්නෙ වෙබ් පිටුවලට වගු ඇතුලත් කරගන්න ආකාරය ගැනයි. මේ සදහා ටැග්ස් කිහිපයක්ම පාවිච්චි කරනව. ඒ හැම 1ක් ගැනම කෙටියෙන් බලල. උදාහර්නෙකුත් බලමුකො.හැබැයි ඉතින් 1ක් කියනනම ඕනෙ, මේව දැනගත්තට වැඩක් කරනකොට ප්රශ්න මතුවෙනව. ඒව ගොඩ දාගන්න ප්රශ්න තියනවනම් අහන්න පුලුවන්. මම දන්නවනම් උත්තර දෙන්නම්. කෝක්ටත් ටිකක් කඩ්ඩ පොලිශ් කරගන්න එක තමා හොද. සින්හලෙන් මේවගැන වැඩි විස්තර නෑනෙ. ඔයාල ගොඩදාගන්න ඒව සින්හලෙන් ඔයාලගෙ බ්ලොග් එකක් හදල දාන්න. අපේ අයට අපි හෙල්ප් කරන්න ඕනනෙ.

හා ඔන්න එහෙනන් වැදි බන නවත්තල වහුව හදන්න පාවිච්චි වෙන ටැග් ටික ගොඩ දාමු.

<table> - මේ ටැග් එක ඇතුලෙ තමා වගුව හදන්නෙ.
<tr> - වගුවට අලුත් පේලියක් එකතුකරන්නෙ මේ ටැග් එකෙන්
<td> - පේලියක් ඇතුලෙ දත්ත දාන්න කොලම් 1ක් හදාග්නෙ මේක පාවිච්චි කරල.
<th> - මේකත් කලින් ටැග් එක වගේම තමා. වෙනස තියෙන්නෙ මේක ඇතුලෙ තියන අකුරු බොල්ඩ් වෙලා තියෙන්නෙ. වගුවෙ ඉහලම පේලියෙ කොලම් වලට නම් දාන්න මේක පාවිච්චි කරනව. අනිත් තැන් වල උනත් අවශ්යතාව අනුව පාවිච්චි කලාට වරදක් නෑ.

සරල උදාහරනයක් බලමු. වගු ඇතුලෙ වගු දාන්න වගෙ වැඩ උනත් කරගන්න අමාරු නෑ. පේලි වල හරි පේලෙ ඇතුලෙ තියන කොලම් වල හරි අලුතෙන් වගු දාගන්න පුලුවන්. ටිකක් කරලම බලන්න. මේව එච්චර ගේමක් තියන වැඩ නෙමෙ. මෙවගෙ ඒ හැටි රහකුත් නැ. ගතියක් එන්නෙ CSS, JavaScript  එහෙම දාපුවාම. ඒත් ඉතින් හරිහාමන් වැඩක් ගන්නනම් ඒව විතරකුත් මදි. සර්වර් එකේ ප්රොග්රැම් කරන්නත් දැනගන්න ඕනෙ. මේව කියන්නෙ ඔයලව වලේ දාන්න නෙමේ. ඒක තමා ඇත්ත. මගෙ කඩු බ්ලොග් එකේ තියනව CSS වලින් කරපු ආතල් වැඩ ටිකක්. ඕන්නම් ගිහින් බලන්න http://jayaprabath.blogspot.com. නැත්තන් ඉතින් නෙට් එකේ සර්ච් කලාම ඕව ඕනතරන් හොයාගන්නත් පුලුවන්. ඕන් එහෙනන් උදාහරනෙ.
<html>
<head>
<title>Table</title>
</head>
<body>
<table>
<tr>
<th>Name</th>
<th>Age</th>
</tr>
<tr>
<td>jayaprabath</td>
<td>22</td>
</tr>
<tr>
<td>Isura</td>
<td>22</td>
</tr>
</table>
</body>
</html>

ෆොර්ම් පිලිවෙලට සකස් කරන්නත් මේ වගු නිතර පාවිච්චි කරනව. හැබැයි මෙතන තියන 1ක දිහා බලල දන්නව කියල හිත හදා ගත්තට තේරුමක් නැ. චුට්ටක් ඔය ටැග්ස් එහෙට මෙහෙට දාල ටෙස්ට් එකක් දීල බලන්න ඕනෙ.

HTML ටැග්ස් කිහිපයක් දැනගනිමු


හරි එහෙනන් ඔන්න HTML කුප්පියේ 2වන පියවර බලමු. අද ටිකක් වැඩිපුර ටැග් ටිකක් ගැන බලමු. කොහොමත් ඉතින් HTML කියන්නෙ ටැග් ගොඩක්නෙ.මේකෙ තව ඒක දෙයක් කියලම වැඩේට බහිමු. HTML වල ටැග් ජාති 2ක් තියනව. එකක් තමයි block elements. මේවගේ ටැග් 2ක් අතර ලයින් බ්‍රේක් ඒකක් වදිනව. ඒ කියන්නෙ ටැග් 2ක ඇතුලෙ තියන ඒව එකම ලයින් 1ක තියෙන්නෙ නැ. අනිත්ජතිය තමයි inline elements. මේ ජාතියෙ ටැග් 2ක් අතර ලයින් බ්‍රේක් එකක් වදින්නෙ නැ. තව මේ ටැග් වලට attributes දෙන්නත් පුලුවන්. මේවා හුගක් පාවිච්චි කරන්නෙ. සර්වර් එකට විස්තර යවන්නයි CSS, JavaScript වගේ ඒවට එලිමන්ට් අදුරගන්නයි.

<p> - මේක block element එකක්. අපි මොනවහරි චේද එහෙම දානකොට මේක ඇතුලෙ තමා දාන්නෙ.

<img> - වෙබ් පිටුවට පින්තූර දාන්න තමා මේක පාවිච්චි කරන්නෙ. මේකෙ attribute එකක් හැටියට අපි පින්තූරෙ තියන තැන දෙන්න ඕනෙ. උදාහරනයක් විදියට වෙබ් පිටුව තැන්පත් කරලතියන ෆොල්ඩරය ඇතුලෙම තියන a.png කියන පින්තූරෙ ගනිමුකො. මේක අපෙ වෙබ් පිටුවට දාන්නෙ මෙනන මෙහෙම  <img src='a.png' /> . මීට අමතරව තව alt කියල එකකුත් තියනව. ඒකෙන් වෙන්නෙ පින්තුරෙ තියන තැන් හොයාගන්න බැරි උනොත් පෙන්නන්න ඕනෙ අකුරු ටික මොකක්ද කියල කියන එක.එහනන් ඔය කියපු ඒව දෙකම දාපු උදාහරනයක් මෙන්න. <img src='a.png' alt='missing image' />. මේකෙදි පින්තූරෙ හොයාගන්න බැරි උනොත් missing image කියල පින්තුරෙ වෙනුවට පෙන්නනව.

<a> - ඔයාල ඕනතරන් ලින්ක් දැකල ඇතිනෙ. ඒ විදියට ලින්ක් දාන්න තම මේ ටැග් එක පාවිචි කරන්නෙ. මේකෙ href කියන එකට ලින්ක් කරන url එක දෙන්න ඕනෙ. උදාහරනයක් විදියට මගෙ කඩ්ඩෙන් ලියන බ්ලොග් එකට ලින්ක් එකක් දාන්නෙ මෙහෙම.<a href='http://jayaprabath.blogspot.com'>jayaprabath</a> ටැග් එක මැද තියන jayaprabath කියන ටික තම නිල් පාට වෙලා ලින්ක් එක විදියට පෙන්නන්නෙ.

<ul>,<ol> - මේ ටැග්ස් 2ම පාවිච්චි කරන්නෙ ලැයිස්තු වෙබ් පිටුවලට එකතු කරන්න.<ul> ටැග් ඒක පාවිච්චි කලාම වර්ඩ් වලදි වගේ බුලට්ස් තියන ලිස්ට් එකක් ලැබෙනව.<ol> ටැග් එක තියෙන්නෙ අන්ක දාපු ලිස්ට් එකක් ගන්න.මේ ටැග් ඇතුලෙ <li> ටැග් දාල ඒව ඇතුලෙ තියන ඒව එක ලිස්ට් අයිටම් එකක් විදියට පෙන්නනව. උදාහරනයකුත් බලමුකො.
<ul>
<li>first item</li>
<li>second item</li>
</ul>
<h1>,<h2>,....... - හෙඩිම් දාන්න පාවිච්චි කරන ටැග්ස් තමා මෙතන තියෙන්නෙ. මේ ටැග්ස් අතර තියෙන අකුරු බෝල්ඩ් වෙලා ප්‍රමානයෙන් ලොකුවට පෙන්නනව. ලොකුම අකුරු ලැබෙන්නෙ <h1> ටැග් 1ක පාවිච්චි කලාම. පිලිවෙලට අනිත් ටැග් වලදි අකුරු වල ප්‍රමානය කුඩා වෙනව.

<script> - JavaScript කෝඩ් දාන්න තමා මේ ටැග් 1ක ඕන කරන්නෙ. ඔන්නම් JavaScript කෝඩ් එක වෙන ෆයිල් 1ක දාල src කියන attribute 1ක පාවිච්චි කරල ඒ ෆයිල් 1ක තියන තැන දෙන්නත් පුලුවන්. දෙවිදියටම උදාහරනයක් බලමු.
<script type='text/javascript'>
JavaScript කෝඩ් දාන්නෙ මෙතන.
</script>
පහල තියන උදාහරනෙ කියන්නෙ වෙබ් පිටුව තියන ෆෝල්ඩරේ ඇතුලෙ තියන JavaScript ෆයිල් එකේ නම.
<script type='text/javascript' src='a.js'>
</script>

<style> - CSS කෝඩ් දාන්න පාවිච්චි කරන්නෙ මේ ටැග් 1ක. CSS පාවිච්චි කරන්නෙ වෙබ් පිටුවලට අලන්කාර පෙනුමක් ලබා දෙන්න.

<table> - මේ ටැග් එක තියෙන්නෙ වගු ඇතුලත් කරන්න. මේක ගැන පස්සෙ පෝස්ට් එකක් දාන්නම්කො.

<form> - මේ ටැග් එක තියෙන්නෙ යූසර්ගෙන් විස්තර ගන්න. හරියට Gmail Account හදනකොට විස්තර දෙනව වගේ.මේක ඇතුලෙ දාන ටැග් ගොඩක් තියනව. ඒව ගැනත් පස්සෙ දාන්නම්කො.

දැනට ඔය මදෑ. සින්හලෙන් ටයිප් කරන්නත් අමාරුයි අප්ප. තව ටැග් ගොඩක් තියනවනෙ. ඒව ගැනත් ටික ටික දාන්න හිතන් ඉන්නෙ.

HTML කෝඩ් කරන්න පටන්ගමු.


    අද කුප්පිය HTML ගැන තමා. ටිකක් හරි දන්නවනම් මේකෙන් ඔයාට පලක් නැ. වැඩේට අලුත් නම් මේක හොදා.එහනන් ඕන් පටන්ගමු.
    HTML තියන්නෙ වෙබ් පිටු හදන්න ගන්න භාශාවක්. බ්‍රව්සරේට තේරෙන්නෙ ඔක විතරනෙ. JavaScript බ්‍රව්සරේ වැඩකලාට ඒක තියනව කියල කියන්නෙත් HTML වලින්ම තමයි.වෙබ් පිටුවෙ තියන ඒව එකලස් කරන්නෙ මේකෙන් තමයි. ලස්සන කරන්නනම් ඉතින් CSS දාන්න ඕනෙ.හරි එහෙනම් ඔයටික හිතේ තියාගෙනම වෙබ් පිටු හදන වැඩේ පටන්ගම්මු.
    මේකෙ තියෙන්නෙ ටැග් ගොඩක්. ඒ ටික හරියට දන්නවනම් වැඩේ ගොඩ. මුලින්ම අපි  ටැග් එකක් ඕපන් කරල එක ඇතුලට අපිට ඔන එව දාලා අන්තිමට ඒ ටැග් ඒක වහල දාන්න ඕන. මෙන්න උදාහරනයක්.

<body> - ඔන්න ටැග් එක ඔපන් කලා.
දැන් මෙතන මොනවරි දාන්න ඕනෙ.
</body> - ඔන්න ටැග් එක වැහුව.

    මේ විදියට තමා ඕන ටග් එකක් එක්ක වැඩ කරන්නෙ. දැන් ටැග් එක ගැන ටිකක් දන්න හින්ද වෙබ් පිටුවක් එකලස් කරන පිලිවෙල බලමු.
ඉස්සරවෙලා අපිට ටැග් 3ක් ඕන වෙනව. මොනවද මේ ගනන්කාර් ටැග්?

<html> - මේක තමා ලොකුම එක. මේක ඇතුලෙ තමයි අනිත් ඒව සේරම තියෙන්නෙ.
<head> - මේක ඇතුලෙ තමා අපේ වෙබ් පිටුව ගැන විස්තර දාන්නෙ. විස්තර කිව්වෙ හෙඩිම වගේ ඒව. දැනට මේක ගැන වැඩිය තිතන්න ඕනෙ නැ.
<body> - දාන සෙල්ලම් සේරම දාන්නෙ මේක ඇතුලෙ. චේද, පින්තූර, ලින්ක්, වීඩියෝ වගේ ඒව පිලිවෙලකට එකලස් කරන්නෙ මේකෙ.

හා එහෙනන් දැන් දන්න ටිකෙන් වෙබ් පිටුවක් හදමුකො.
<html>
<head>
<title>Web Page</title>
</head>
<body>
<p>Hello</p>
</body>
</html>

මේ ටික කොපි කරල ෆයිල් එකක සේව් කරන්න. ෆයිල් එක්ස්ටෙන්ශන් එක .html වෙන්න ඕනෙ. උදාහරනයක් කීවොත් test.html

<title> ටැග් එක තියෙන්නෙ හෙඩිම දාන්න. හරියට දැන් මේ බ්ලොග් එක ඕපන් කරල තියන ටැබ් එකේ "කුප්පිය" කියල තියනව වගේ. මේක දාන්නෙ <head> ටැග් එක ඇතුලෙ. <p> ටැග් එක ඇතුලෙ තමා චේද දාන්නෙ. මෙක නැතුව නිකන් ටැග් එක ඇතුලෙ Hello කියල දැම්මත් අවුලක් නැ. ඒ උනාට මෙහෙම තමා හොද. පස්සෙ තේරෙයි ඇයි කියල.

ඔන්න පලවෙනි වෙබ් පිටුව හරි. හා එහෙනන් දැන් සේව් කරපු ෆයිල් එක බ්‍රව්සරෙන් ඕපන් කරල බලන්නකො.මෙලෝ රහක් නැ නේද. පටන්ගන්නකොට ඔහොම තමයි. පස්සෙ ඉතින් වැඩ දාන්න බැරියැ. ඊලග පෝස්ට් එකෙන් තව ටැග් ටිකක් ගැන බලමු. ඉස්සරහට හොද සෙල්ලමක් දාගන්න බලමු.